තරු හුට පට

ගීතාට පාර්ලිමේන්තු ආසනය අහිමිවෙයිද?

geeetha

 

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජනප්‍රිය නිළි ගීතා කුමාරසිංහ මහත්මිය ස්විට්සර්ලන්තයේද පුරවැසිකම ලබා ඇති හෙයින් ඇයට මන්ත්‍රී ධූරයෙහි දිවුරුම් දීමට නොහැකි  වෙතැයි මේ වන විට සමාජයේ කතාවක් පැතිර යමින් පවතිනවා.

ඇය පසුගිය මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයෙන්   63, 955 මනාප ඡන්ද ලබා පාර්ලිමේන්තුවට තේරී පත්වූවාය.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ආරංචි මාර්ග  පවසනුයේ කුමාරසිංහ මහත්මිය නාමයෝජනා බාර දෙන අවස්ථාවේ බලපැවැත්වූ නීතිය අනුව එම ප්‍රශ්නය මතු කළත් ඇගේ නාම යෝජනාව අවලංගු කළ නොහැකි බවයි.

19 වැනි ආණ්ඩුක්‍රම වයවස්ථා සංශෝධනය යටතේ ශ්‍රී ලංකාවේ පුරවැසියකු වෙනත් රටක පුරවැසි භාවය ලබා ඇත්නම් ඔහු හෝ ඇය පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියක් දැරීම නුසුදුසු බව එම නීතියේ පැහැදිලිවම සඳහන් කර ඇත.

ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියක ලෙස පත්වූ බව මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව ගැසට් කර ඇත්තේ 1981 පනත යටතේය. 19 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය පාර්ලිමේන්තුවෙන් සම්මත වුවත් එම සංශෝධනය 1981 පනතට මෙතෙක් එක්වී නැති හෙයින් ඇගේ නම ගැසට් කර ඇත්තේද ඒ අනුව බවත් දැනගන්නට ඇත.

g1

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!