Gossip

සමරිසි ආදරය දෙදරයි -කාලයක සිට ආදරයෙන් වෙළී ඉඳලා – මිතුරා මරා වස බොන්න තැත් කළ තරුණයා රෝහලේ (ඡායාරූප මෙතැනින්)

ආදර සම්බන්ධයකින් බැඳී සිටි සිටි තරුණයන් දෙදනකු අතර ඇතිවූ සිත් තැවුලක් මත එක තරුණයෙකු අනෙක් තරුණයාට පිහියකින් ඇන ඝාතනය කර තිබෙන පුවතක් හබරණින් වාර්තා වෙනවා.

ස්වකීය ආදර මිතුරා ඝාතනය කළ තරුණයා ඉන් අනතුරුව සියදිවි හානිකර ගැනීම සඳහා ඔහුද වස පානයකර මේවන විට රෝහල් ගතකර ඇති බව සඳහන් වෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ හබරණ, ජයසේන්ගම පදිංචි ඩබ්ලිව් .එච් .ඔෂාන් විදුරංග (23) නමැති සංචාරක හෝටල් සේවකයෙකු වන අතර වස පානය කර රෝහල් ගත කර ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ පදිංචි සම්බාහන මධ්‍යස්ථානයක සේවකයෙකි .

ඊයේ(10) පස්වරුවේ මෙම තරුණයන් දෙදෙනා මත්පැන් පානය කිරීම සදහා හබරණ 5 කණුව ගල්තලාවක් මතට ගොස් තිබෙනවා.

අද (11) දින අලුයම වෙද්දී වසපානයකර සිටින තරුණයා සිය නිවසට ඇමතුමක් ලබාදී කියා ඇත්තේ තමන් සිය මිතුරා ට පිහියකින් ඇන මරා දැමු බවත් තමන්ද වස පානයකර ගල් තලාවේ වැටි සිටින බවත්ය .

ඒ අනුව හබරණ පොලිසියට දැනුම්දී වසපානය කළ තරුණයා හබරණ රෝහලට ඇතුළත් කොට පසුව දඹුල්ල රෝහලට මාරුකර ඇති අතර පොලිසිය අදාළ ස්ථානයට යන විට අනෙක් තරුණයා ගල උඩම මියගොස් සිට ඇති බව දැනගන්නට ලැබෙනවා.

මේ මිතුරන් දෙන්නා කාලයක සිට ආදරයෙන් වෙළී සිට ඇති බවත්, මියගිය තරුණයා තරුණියක සමග සබඳ කමක් පවත්වන බව දැනගත් පසු එය ඉවසා ගත නොහැකිව තමන් මිතුරා මරා තමන්ද මැරෙන්නට තීරණය කළ බව රෝහලේ සිටින තරුණයා පොලිසියට කියා ඇත .

මිය ගිය තරුණයාගේ මව වන පි .නිලානි මහත්මිය පවසා ඇත්තේ තම පුතා කාලයක් සිට මෙම මිතුරා ඇසුරු කරන බව හා ඔහු තම නිවසටද නිතර පැමිණ ආහාරපාන ගත් අයකු බවයි .

හබරණ පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබයි.

 2 3 4

ඡායාරූ – කාංචන ආරියදාස

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!