Gossip

Fm නිවේදිකාවගේ වටොර කැපූ සල්ලාලයා අල්ලයි

11

මහරගම නගරයේ දී ගැබිනි කාන්තාවකගේ පසුපස ප්‍රදේශය තියුණු ආයුධයකින් කපා තුවාල සිදුකළ බවට අත්අඩංගුවට ගත් සැකකරු අද(24) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මහරගම පොලීසිය සඳහන් කළේ 39 හැවිරිදි මෙම සැකකරු රත්නපුර-කලවාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

මහරගම නගරයේ බස් නැවතුම්පොළකදී බස් රථයකට නගිමින් සිටි ගැබිනි කාන්තාවකගේ පසුපස ප්‍රදේශය අදාළ සැකකරු විසින් තියුණු ආයුධයකින් කපා ඇති බව සඳහන්ය.

තුවාල ලැබු කාන්තාව කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව මහරගම – දෙහිවල පාර ප්‍රදේශයේ දී සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව මහරගම පොලීසිය සඳහන් කළේය.

මෙම සැකකරු මීට පෙර මහරගම නගරයේ දී මේ ආකාරයෙන් තරුණියන් දෙදෙනෙකුට තුවාල සිදුකර තිබූ බව ද පොලීසිය පැවසුවේය.

සැකකරු අද හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ද ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්ය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!