Gossip

ශ්‍රී ලාංකික උරුමය රකින්න අමෙරිකාවේ ජීවත්වන ලාංකික සූරූපිණිය කරපු දේවල් මෙන්න

ශ්‍රී ලාංකීය සංස්කෘතික සහ කලාත්මක අනන්‍යතාවයන් පිළිබඳ තොරතුරු ඇතුලත් කෞතුකාගාරයක් ඇරඹීමට එරට ජීවත්වන ශ්‍රී ලාංකීක තරුණියක් වන 18 හැවිරිදි ජූලියා විජේසිංහ නම් සොදුරු යුවතිය කටයුතු කර තිබේ.

උපන් දා සිටම එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර ජීවත් වුවද ඇය ශ්‍රීලාංකීක සංස්කෘතියට සහ සිංහලකමට දැඩි ඇල්මක් දක්වන බව වාර්තා වනවා.
ජූලියා විජේසිංහගේ පියා නිව්යෝර්ක් නගරයේ පළමු ශ්‍රී ලාංකීක අවන්හලේ හිමිකරු වන අතර වසර 30 පමන කාලයක සිට ඔහු ඇමරිකාවේ පදිංචිකරුවෙකි.
සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ජායාරූප, පොත්පත්, ප්‍රතිමා රැසක් මෙම කෞතුකාගාරයේ දක්නට ලැබෙන අතර ලොව පුරා විවිධ සංස්කෘතීන්ට අයත් පුද්ගලයින් රැසක් මෙම ස්ථානය නැරඹීමට පැමිණෙන බව ද වාර්තා වේ. සිය දෙමව්පියන්ගේ සහාය ලබාගනිමින් වසර කිහිපයක් පුරා ඇය මේ සංස්කෘතික සහ කලා කෞතුකාගාරය අවැසි දෑ එකතුකරගෙන තිබේ.
සර්ව ආගමික ආශිවාදයන් සහ සෙත් පිරිත් සජ්ජායනයන් මැද මෙම කෞතුකාගාරය විවෘත කල ආකාරය දැක්වෙන වීඩියෝවක්, කෞතුකාගාරයේ සහ ජූලියාගේ ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

1 2 3 4 6 7 8

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!