Gossip

මහ බැංකු අධිපති ධූරය එරාන් වික්‍රමරත්නට යන ලකුණු

cvr

කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය  ධූරය දරන එරාන් වික්‍රමරත්න මහතා මහබැංකු අධිපති ධූරයට  පත්කිරීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි වෙබ් ගොසිප් වෙත  ආරංචි වෙනවා.

කෙසේ වෙතත් මේ මස 30 වන වන විට මහබැංකු අධිපති ධූරයට ස්ථීර අයෙකු පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිදුවනු ඇත.

එසේ වුවද මේ පිළිබඳ කළ විමසීමකදී එරාන් වික්‍රමරත්න මහතා කියා සිටියේ තමා දැනට දේශපාලනඥයෙකු බැවින් ඒ පිළිබඳ කිසිවක් කීමට නොදන්නා බවයි.

මහබැංකු අධිපති ධූරය දැරූ අර්ජුන් මහේන්ද්‍ර මහතාට මහබැංකු බැඳුම්කර ගනුදෙනුවකට අදාළව චෝදනා එල්ලවී ඇති බැවින් ඔහුගේ සේවය දීර්ඝ නොකරන ලෙස ඒකාබද්ධ විපක්ෂය මෙන්ම යහපාලනය වෙනුවෙන් පෙනී සිටි විවිධ සිවිල් සංවිධානද රජයට බලපෑම් කරන ලදී.

මේ හේතුවෙන් තමාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විමර්ශන කොට තමා වරදක් කර නොමැති බව තහවුරු කරන තෙක් ධූර කාලය යළි දීර්ඝ නොකරන ලෙස තමාද ඉල්ලා සිටින බව අර්ජුන් මහේන්ද්‍රන් මහතාද ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනුවට එරාන් වික්‍රමරත්න මහතා පත්කිරීමට කටයුතු කරනු ලැබුවහොත් කොළඹ දිස්ත්‍රීක්කයෙන් මහමැතිවරණයට තරඟවැදුණු රෝසි  සේනානායකට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව හිමිවනු ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!