Gossip

ක්‍රිකට් ලොව පුදුම කළ බෙන් ස්ටොක්ස්ගේ සුපිරි උඩ පන්දුව මෙන්න – වීඩියෝ

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර ඊයේ පැවැත්වුණා.
ඒ ලන්ඩන්හි කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී.
මෙම තරගයෙන් ලකුණු 104 ක පහසු ජයක් ලබාගැනීමට එංගලන්තය සමත් වුණා.
ලකුණු 89 ක් රැස්කරමින්, කඩුලු 2 ක් දවාගනිමින්, උඩ පන්දු 2 ක් රැකගනිමින් සහ දුවද්දී දවාගැනීමකට දායක වෙමින් බෙන් ස්ටෝක්ස් තරගයේ වීරයා බවට පත්වුණා.
312 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකාවට ඕවර 39.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 207 ක් පමණි.
ක්වින්ටින් ඩි’කොක් දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණේ ලකුණු 74 ක් ලබාගනිමින්.
වැන්ඩර් ඩුසේන් පන්දු 61 කදී ලකුණු 50 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින්.
කෙසේ වුවත් දකුණු අප්‍රිකානු කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ඔවුන්ට හැකිවුණේ නැහැ.
පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 311 ක් ලබාගත්තේය.
තරගයේ දෙවැනි පන්දුවේදීම ආරම්භක පිතිකරු ජොනී බෙයාර්ස්ටෝ ලකුණු නොලබා දැවී ගිය නමුත් ශතක සම්බන්ධතා දෙකකට දායක වූ ජේසන් රෝයි (54), ජෝ රූට් (51), නායක ඔයින් මෝගන් (57) සහ බෙන් ස්ටෝක්ස් (89) එංගලන්තය ලකුණු 300 සීමාවෙන් ඔබ්බට කැඳවාගෙන ගියා.

තරඟයේ විශේෂ අවස්ථා පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!