Gossip

ලෝකයටම ක්‍රිකට් ඉගැන්වූ එංගලන්තය පළමු වරට ක්‍රිකට් මහ ගෙදරදී ලෝක ශූරයන් වුණු හැටි – Video & Photos

එංගලන්තය සහ නවසීලන්තය අතර පැවති 2019 ලෝක කුසලාන අවසාන මහා තරගයේ ජය හිමි කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අතර පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 241 රැස්කළා.

නියමිත පන්දුවාර අවසානයේ ලකුණු 241ක් ලබා ගැනීමට එංගලන්ත පිල ද සමත් වු අතර ළකුණු මට්ටම සම වීම හේතුවෙන් සුපිරි පන්දු වාරයක් වෙත යාමට සිදු වුණා.

සුපිරි පන්දු වාරයේ දී එංගලන්තය කිසිවෙකු නොදැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 15ක් වු අතර ලකුණු 16ක ඉලක්කයක් නවසීලන්තයට හිමි වුණා.

එම පන්දුවාරයේ දී එක් කඩුල්ලක් දැවී නවසීලන්තය ලබාගත්තේ ලකුණු 15 ක් පමණයි.

ඒ අනුව ක්‍රිකට් ලෝක කුසලානය මෙතෙක් හිමිකර නොගත් එංගලන්තය ඊයේ (14) ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පළමු වතාවට ලෝක කුසලාන ජය හිමි කරගත්තා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!