Gossip

පිහියක් අරන් අනින්න ගෙට පැනපු දික්කසාද සැමියා, බිරිඳ හා නැන්දම්මාගේ පොලු පහරින් එළොව ගිය හැටි

දික්කසාද බිරිඳ සහ බිරිඳගේ මව විසින් පොලූවලින් පහරදී පුද්ගලයකු මරා දැමීමේ සිද්ධියක් පිළිබඳව ඇල්පිටිය පොලිිසිය පරීක්‍ෂණ පවත්වනවා.
මෙම සිද්ධියෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ ඇල්පිටිය, අටකොහොට, නව`දගල, කුමාරසිංහ මාවත ලිපිනයේ පදිංචිව සිටි චින්තක රුවන් කුමාර නමැති 35 හැවිරිදි වියේ පසුවූ අයෙක්.
මියගිය පුද්ගලයා සිය බිරිඳගෙන් නීත්‍යනුකූලව වෙන්වී සිට ඇති අතර සිද්ධිය වූ 06 වැනිදා රාත‍්‍රියේ මියගිය පුද්ගලයා දික්කසාද බිරිඳ සහ නැන්දම්මා පදිංචි නිවසට පිහියක් රැගෙන ගොස් දෙදෙනාට පහරදී පිහියෙන් ඇනීමට උත්සාහ දරා තිබෙනවා.
එම අවස්ථාවේදී දික්කසාද බිරිඳ සහ ඇගේ මව විසින් පොලුවලින් පහරදී ඇති අතර නිවසේදීම අදාල පුද්ගලයා මියගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකාරියන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!