Gossip

ඉරාන-ඉරාක දේශ සීමා භූ කම්පනය

ඉරාන – ඉරාක දේශ සීමාවේ පසුගිය 12 වැනිදා සිදුවූ භුමිකම්පාව ලොව මෙතෙක්‌ සිදුවූ අතිශය දරුණු භුමිකම්පා වලින් එකක්‌ ලෙස සැලකේ.දින 7ක් ගෙවී ගොස් අවසන්. මෙම ලිපිය ලියන මොහොත වන විටත් ඉන් මියගිය ගණන 550 ඉක්‌මවා තිබුණේය. තුවාල ලැබූවන් 8000 කට වැඩි බව සඳහන් විය.

භු විද්‍යාත්මක තොරතුරුවලට අනුව රික්‌ටර් මාපාංක 7.3 ක ප්‍රබලත්වයකින් යුතු වූ මෙම භුමිකම්පාවේ බලපෑම කුවේටය කටාරය තුර්කිය ලෙබනනය ඊශ්‍රාලය හා එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයට ද බලපා තිබේ. පුසර් එනම් 13 වැනිදා උදෑසන සිට ඉරාකය තුළ භු කම්පා අටක්‌ සිදුව ඇති අතර දැඩි බලපෑමක්‌ සිදුකර තිබුණේ ඉරාන ඉරාක දේශ සීමාවේ සිදුවූ මෙම භු කම්පනයයි. එසේම ඇමෙරිකානු භු විද්‍යා සමීක්‌ෂණ ආයතනයේ තොරතුරුවලට අනුව 12 වැනිදා සිදුවූ මෙම භු කම්පනයට පසුව පසු කම්පන අවස්‌ථා 150ක්‌ පමණ වාර්තා වී තිබේ. මියගිය පුද්ගලයන්ගෙන් බහුතරය ඉරාන වැසියන් වේ. අසල්වාසි රාජ්‍යවල කිසිවකුටත් හානි සිදුව නැත. භු විද්‍යාත්මකව ගත් කල විභේදන සීමාවේ පිහිටි රාජ්‍යයක්‌ බැවින් ඉරානයේ භු කම්පන සිදුවිම අහම්බයක්‌ නොවේ. හලාබ්ජා නගරය ආසන්නයේ 12 වැනිදා සිදුවූ භු කම්පනයේ කේන්ද්‍ර පිහිටියේ අරාබි හා යුරෝ ආසියානු භු කාරක තැටිවලට විභේදන රේඛාවේ සිට කිලෝ මීටර් 1500 ක්‌ පමණ සමීප දුරකිනි. මෙම විභේදන රේඛාව බටහිර ඉරානය හා ගිණිකොන දිග ඉරාකය අතරින් විහිදී යයි. 2012 වසරේ වයඹ දිග ඉරානයේ භු කම්පන දෙකක්‌ සිදුවු අතර ඉන් පුද්ගලයන් 200ක්‌ මියගියහ.2000 වැඩි පිරිසක්‌ තුවාල ලැබිය. 2005 වසර ද එරට කර්මන් පළාතට භුකම්පන බලපෑම් එල්ල විය. 6.4ක ප්‍රබලත්වයකින් යුක්‌ව එම භු කම්පනයෙන් පුද්ගලයන් 600කට වැඩි පිරිසක්‌ මියගියහ. අග්නිදිග ඉරානයේ ඓතිහාසික නගරයක්‌ වූ බාම් හි 2003 වසරේ ප්‍රබල භු කම්පනයක්‌ වාර්තා විය.රික්‌ටර් මාපාංක 6.6 ක ප්‍රබලත්වයකින් යුත් වූ එයින් පුද්ගලයන් 26000ක්‌ මරුමුවට පත් වූහ. මේ ඉතිහාසය හා බලන කල ඉරානය යනු භු කම්පනවලට ආගන්තුක රටක්‌ නොවේ. එහෙත් අන් කවරටත් වඩා මෙවර සිදු වූ භු කම්පනය අතිශයින් හානිකර විය. කර්මන්ෂා පළාතේ නිවාස දහස්‌ ගණනක්‌ විනාශ වී ගොස්‌ තිබූ අතර අවතැන් වුවන්ට සහන සැලසීම සඳහා රජය දැඩි උත්සාහයක නිරතවනු දැකගත හැකි වූයේය.ජනපති හසන් රොහානි හානියට පත් වූ ප්‍රදේශවල සංචාරයක නිරත වෙමින් අවතැන් වූවන්ට සහන සැලසීමේ කටයුතුවලට උපදෙස්‌ ලබාදී තිබුණි.

අපි ජීවත් වෙන්නේ කුඩාරම්වල අපිට කන්න කෑමවත් බොන්න වතුරවත් නෑ. සීතල දරාගන්න බැරි තරමය. පොඩි දරුවෝ බඩගින්නේ කෑ ගහනවා. ඒ දරුවෝ සීතලෙන් බේරගන්න අම්මලට වඩාගෙනම ඉන්න වෙලා. ලොකුම ප්‍රශ්නේ දරුවන් දුක්‌ විඳින එක.” 42 හැවිරිද වියේ පසුවන අලි ගුලානි මාධ්‍යයට එසේ පවසා තිබුණේය. ඔහුගේ නිවසද භු කම්පනයට විනාශවී ගොසිනි. භු කම්පනයෙන් හානියට පත් වූවන් සිය අත්දැකීම මාධ්‍යයට හෙළිකර තිබු අතර ඇතැම් සිදුවීම් ඉතා සංවේදි විය.

භු කම්පනයෙන් වඩාත් හානි සිදුවු සාර්පොල් ඊ සභාබ් නගරය ආසන්නයේ සම්පූර්ණයෙන් විනාශ වී ගිය ගමක ජීවත් වූවකු වන කොෂ්රෝ නමැත්තාගේ නිවස ද තිබුණු තැන පවා සොයාගන්නට නොහැකිය.

ගෙදර බිත්ති මගේ තාත්තයි සහෝදරියොයි යටකරගෙන කඩා වැටුණා. මම අම්මව ඇදලා ගත්තා ඇයත් හොඳටම තුවාල වෙලා.අනෙක්‌ අතින් ඔවුන්ගේ දරුවෝ සේරම මැරුණා. දැන් අපිට කිසි දෙයක්‌ නෑ. කන්න නෑ. බොන්න නෑ. සීතලට පොරවගන්න රෙද්දක්‌ නෑ.

හෙතෙම සඳහන් කර තිබුණේ එලෙසය.

භු කම්පනය අතරතුර වයස අවුරුදු 12ක දරුවකු කඩාවැටුණු විදුලි රැහැනකට හසුව විදුලිය වැදීමෙන් මියගොස්‌ තිබූ බව එරට මාධ්‍ය වාර්තා කර තිබුණේය.

මේ අතර භු කම්පනයෙන් දැඩි හානි වි ඇත්තේ රජය විසින් ඉදිකරන ලද නිවාස වලට බව ජනපති රොහානි චෝදනා කර තිබුණේය.මේ ප්‍රකාශය සමග එරට ඉංජිනේරුවන් කැළඹි සිටි අතර රජය එහි වගකීම භාරගත යුතු බවට ප්‍රතිචාර දක්‌වමින් සඳහන් කර තිබුණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!