හොලිවුඩ්

ප්‍රංශ ප්‍රහාරය සිදුවුණු හැටි මෙන්න (වීඩියෝ්)

cvr

ප‍්‍රංශ ජාතික දින සැමරුම් උත්සවයක සිදු වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව අසූව දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ තවත් සියයකට වැඩි පිරිසක් ඉන් තුවාල ලබා ඇති බවයි. මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල වූයේ දකුණුදිග ප‍්‍රංශයේ නයිස් නගරයේ පැවති නිදහස් දින සමරු උත්සවය අතරවාරයේදීයි.

 

පුපුරණද්‍රව්‍ය පැට වූ ලොරි රථයක් අධික වේගයෙන් උත්සව භූමියට කඩා වැදී එහි සිටි පිරිස යට කරමින් කිලෝමීටර් දෙකක පමණ දුරක් ගමන්කර තිබෙනවා. එම අවස්ථාවේදී වහා කි‍්‍රයාත්මක වූ ප‍්‍රංශ ආරක්ෂක අංශ වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර ලොරි රථයේ රියැදුරා ඝාතනය කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

 

පසුව සිදු කළ සෝදිසි මෙහෙයුමේදී ලොරි රථයේ තිබු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනුනා. එ් අතර අධිබලැති බෝම්බ සහ ගිනි අවිද වනවා.

සිද්ධිය ඇසින් දුටුවන් උපුටා දක්වමින් සී එන් එන් පුවත් සේවය වාර්තා කර ඇත්තේ නිදහස් දින සැමරුම් උත්සවයේ මල් වෙඩි සංදර්ශන පැවැත්වෙන අතරවාරයේ පුපුරන ද්‍රව්‍ය පටවා ගත් ලොරි රථය ජනතාව යට කරමින් මෙලෙස ගමන් කර ඇති බවයි. එම අවස්ථාවේදීම වෙඩි ප‍්‍රහාර කිහිපයක් සිදුව ඇති බවයි සිද්ධිය ඇසින් දුටුවක් ප‍්‍රකාශ කර ඇත්තේ.
ඇති බවයි. අදාළ ලොරි රථයේ ගිනි අවි සහ බෝම්බ පටවා තිබූ බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. සිද්ධිය ඇසින් දුටුවන් ප‍්‍රකාශ කර ඇත්තේ මෙය ප‍්‍රහාරයක් විය හැකි බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!