Gossip

ලොවම හොල්ලන තුරු­ම්පු­ව

හරියටම මීට වසර තුනකට පෙර ජනපති පදවියේ දිවුරුම් දුන්නු අමෙරිකාවේ මුල් පුරවැසියා ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන දැන් නම් මිනිස්සු කතා කරන්නේ හරි අඩුවෙන්. ව්‍යාපාරිකයකු විදියට දශක ගණනාවක් අමෙරිකාවේ නොම්මර එකේ ධනවතා බවට පත්වී සිටි මේ 73 හැවිරිදි ජනපතිවරයා, ජනපති පදවියේ වැඩ බාර ගත්තට පස්සේ ලෝක දේශපාලනයේ ජනප්‍රිය භූමිකාවක් රඟ දක්වනු ඇතැයි මුලදී කවුරුත් සිතුවත් ඇත්තටම සිද්ධ වුණේ වෙන දෙයක්.

ඒක සිද්ධ වුණේ ඩොනල්ඩ්ගේ දෙවැනි බිරියගේ දියණිය, එහෙමත් නැතිනම් ජනපති පියාගේ වැඩිම ආදරය දිනාගත් දියණිය ඉවන්කා නිසයි. ඒක සිද්ධ වුණේ මේ සුරූපිනිය පියාගේ ජනපති බලතල හිතේ හැටියට පාවිච්චි කරන්න පටන් ගත් නිසයි.
ඒ මදිවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාව විදියට නිල වශයෙන් පත්වීම ලැබීමත් එක්ක බලතල පාවිච්චියට රාජ්‍ය මට්ටමේ අවසර පත්‍රයකුත් ලැබුණා.

ඇත්තම කියනවා නම් ඉවන්කා තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශ්වාසවන්තම පුද්ගලයා. ආදරණීය දියණිය හැටියට පමණක් නෙවෙයි දේශපාලන තීන්දු තීරණ ගැනීමේදී පවා දියණියගෙන් උපදෙස් දැන් දැන් ජනපතිට නැතිවම බෑ.

ඉවන්කාගේ භූමිකාව නිසා ජනපති ආර්යාව විදියට විශාල පිළිගැනීමක් ඩොනල්ඩ්ගේ වත්මන් බිරිය මෙලනියාට නැත්තටම නැතිවුණු බව කවුරුත් දන්නවා. ට්‍රම්ප් ව්‍යාපාරයේ ලොකුම පංගුකාරිය විදියට වැජඹෙන ඉවන්කා විවාහ වී සිටින්නේ තවත් කෝටිපතියකු වන ජරේඩ් කුෂ්නර් සමගයි. උස් මහත්වුණු දරුවන් හිටියත් ඉවන්කා කියන්නේ රූපය අතින් කාටත් නොදෙවැනි කාන්තාවක්. ජනපති පියාගේ උපදේශිකාව විදියට රජයේ සෙසු ඇමතිවරු සමග ගනුදෙනු කරද්දී එයා කතාබහෙන් විතරක් නෙවෙයි රූපය අතිනුත් ලොකු දෙයක් කරනවා.

පාසල් කාලයේ සිටම මොස්තර නිරූපිකාවක් විදියට කාගෙත් ආකර්ෂණය දිනූ ඉවන්කා අදටත් අමෙරිකාවේ වගේම විදෙස් රටවලත් තරුණයන්ගේ ආකර්ෂණය නොඅඩුව ලබන තරමටම සුන්දරයි.

ඒ සුන්දරත්වයෙන් වශී වුණේ තරුණයන් විතරක්ම නෙවෙයි. ජනපති පියාගේ වයසේ පසුවන මහලු පුද්ගලයන්ගේ පවා ආදරය ඇයට නොඅඩුව ලැබෙනවා. ඒක ලැබෙන්න පටන් ගත්තේ අද ඊයෙක නෙවෙයි.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිවුරුම් දීමේ උත්සවයේදී ඔහුගේ ප්‍රතිවාදිනිය වූ හිලරි ක්ලින්ටන්ගේ සැමියා හිටපු ජනපති බිල් ක්ලින්ටන් පවා ඇගේ රූපයට වශීවුණු බව කවුරුත් දන්නවා.

එදා සිය බිරිය ජනපති වන දිනය නොවූවත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්ති උත්සවයේදී එවකට 70 හැවිරිදි වියේ පසුවූ බිල් ක්ලින්ටන්ගේ හිත නම් හොඳටෝම පිරුණේ ඉවන්කා දැකීමෙනුයි. සැමියාගේ හිත පිරුණු රහස එදා හිලරිගේ අතටම අහුවුණේ ඩොනල්ඩ් සමග තරග කළ ප්‍රතිවාදී අපේක්ෂිකාව වූ නිසාම කවුරුත් නිතර නිතර ඇය දෙස ‘අනේ අපොයි‘ කියන්නාක් මෙන් හැරි හැරී බලද්දීයි. ඇය ඔවුන්ට ක්ෂණික සිනවකින් සංග්‍රහ කරමින් සිටියදීයි.

ජනපති පදවිය අහිමිවීම ඉවසිය නොහැකි කාරණාවක් වූවත් තමා දෙස වරින් වර බලන අමුත්තන්ට ක්ෂණික සිනහවකින් සංග්‍රහ කරන්නට අකමැත්තෙන් වුවත් එදා හිලරිට සිදු වී තිබුණා. ඇයට තම සැමියාගේ හොරේ හසුවූයේ ඒ අල්ල පනල්ල අස්සේ.

සිය යටිතොල සපමින් බිල් සෑහෙන වේලාවක් තිස්සේ කිසිවකු දෙස බලා සිටින බව හිලරි දුටුවේ ඇය අසලම සිටගෙන සිටි මිෂෙල් ඔබාමා දෙස හැරී ඇයට සිනහවකින් සංග්‍රහ කරද්දීයි.

මොහොතක් සැමියා දෙස බලා සිටි හිලරිට ඔහුගේ බැල්මේ අරුත වටහාගැනීම එතරම් අපහසු වූයේ නෑ. බිරිය තමා දෙස බලා සිටින බැව් දැනුණු බිල් හොරැහින් ඇය දෙස බලා නැවත ඉක්මනින්ම සිය ඉලක්කය වෙත දෑස් යොමු කළේ ‘ඒ තත්පරයත් අපරාදේ‘ කියන්නාක් වගේ.

දියණිය ඉවන්කාගේ ආදර සෙනෙහස උපරිම අයුරින් භුක්ති විඳිමින් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සුදානම් වන්නේ සිය දියණිය අමෙරිකාවේ මීළඟ ජනපති කරවීමට නොවේදැයි කතාබහට ලක් වන තරමටම ඉවන්කා ඉහළ ජනප්‍රියත්වයක් ලබමිනුයි සිටින්නේ.

ජනපති ට්‍රම්ප්ගේ පුවත්පත් සාකච්ඡාවලදී පමණක් නොව ඉතා රහසිගත රාජ්‍ය සාකච්ඡාවලදී පවා දියණිය ඉවන්කා ඔහු සමීපයේ අසුන් ගැනීමටයි පුරුදුවී සිටින්නේ. ආදරණීය පියකු සේ ඔහු ඒ සියල්ල විඳ දරා ගනිමින් තම දියණියට රිසිසේ තමා සමීපයේ ගැවසීමට ඉඩ ලබා දීමෙන් පෙනී යන්නේ අනාගතයේදී ඉවන්කා අමෙරිකාව හොල්ලන තුරුම්පුවක් බවට පත් වීම බවයි කවුරුත් කියන්නේ.

සිළුමිණ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!