නොසිතූ මොහොතක අපිට ලෙංගතු සමීප කෙනෙක් ඈත් වුණොත් ඒක දරාගන්න අමාරුයි.
ඒ වගේම ඒ විදිහේ කෙනෙක් නොඑන ගමන් ගියොත් ඒ වේදනාවත් හිතට ගොඩක් තදින් දැනෙනවා.
ඒ විදිහට හිතුවෙවත් නැති විදිහට ජීවිතයක් දාලා ගිය තරුණියක් ගැන නීතිවිද්‍යාලය පැත්තෙන් අපිට අහන්න ලැබුණා.
දිලිනි තරංගිකා ඊයේ උදේ ඩෙංගු මාරයාට බිළිවෙලා අවසන් ගමන් ගිහින්.
මාතර පදිංචි වෙලා හිටපු දිලිනි නීති විද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටියා.
කොහොම වුණත් දිලිනිගේ මේ සමුගැනීම ගැන නීතිවිද්‍යාලයේ එයාගේ මිතුරන්ට හිතාගන්නවත් බැහැ.
ඒ ගැන ඔවුන් මුහුණුපොත පුරාම අදහස් දක්වා තිබුණේ මේ විදිහට.