බොලිවුඩ්

ඩයනාගේ තෙවැනි දරුවාගේ රහස ලොව කළඹයි

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුට සහ පළමු බිරිඳ වූ ඩයනා කුමරියට විලියම් සහ හැරී කුමරුන් දෙදෙනාට  අමතර  ව තවත් දියණියක සිටි බවට අමෙරිකානු සඟරාවක තොරතුරු පළ තිබෙනවා.

සාරා නම් එම දියණිය මේ වන විට 33 වන වියේ පසුවන බව GLOBE නමැති අදාළ සඟරාවෙහි දක්වා ඇත.

මෑතක දී විලියම් කුමරුගේ බිරිඳවන කේට් මිඩ්ල්ටන් අමෙරිකාවට පැමිණ සාරා හමු වූ බව ද එම සඟාරාවෙහි සඳහන් කර තිබේ.

මෙම පුවත සනාථ කිරීමට තරම් ප‍්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කර නොමැති වුව ද ඊට අදාළ තොරතුරු කිහිපයක් එම සඟ​රාව හෙළි කර තිබේ.

චාල්ස් කුමරුගේ ශුක‍්‍රානු සෛල සහ ඩයනා කුමරියගේ  ඩිම්බ සෛල එක් කර කළලයක් නිපදවා ඇති අතර එය දැරියක බිහිවන කළලයක් බව හඳුනා ගැනීමෙන් අනතුරු ව එම කළලය විනාශ කිරීමට උපදෙස් දී ඇති බව එහි දක්වා ඇත.

එහෙත්, එම කළලය විනාශ නොකළ වෛද්‍යවරයෙකු එය සිය බිරිඳගේ කුසෙහි තැන්පත් කළ බව එම වාර්තාවෙහි සඳහන් වේ. ඩයනා 19 වැනි වියේ පසුවනවිට මෙම සිද්ධිය සිදු ව ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව, අදාළ වෛද්‍යවරයාගේ බිරිඳගේ කුසෙහි තැන්පත් කළ කළලය වර්ධනය වී බිහි වූ දැරියට  සාරා නමැති නම තබා තිබේ.

මෙම සිද්ධිය ප‍්‍රචාරය කිරීමෙන් පසුව එය සාවද්‍ය බවට කිසිදු ප‍්‍රකාශයක් මෙතෙක් සිදු වී නොමැතිවීම ද  වාර්තාවෙයි.

 

 prince 2

prince-3 d2 d4 d5 d6 diana

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!