Gossip

ධර්මරාජ – ජෝසප් රගර් තරඟය අතරතුර පිටිය මැද දරුණු වලියක් (වීඩියෝ)

1

ශ්‍රී ලංකා අන්තර් පාසල් රග්බි තරඟාවලියේ ශාන්ත ජෝෂප් විදුහල සහ ධර්මරාජ  විදුහල අතර පසුගිය සෙනසුරාදා (18) මහනුවර බෝගම්බර පිටියේ දී පැවති තරඟයේ ගැටුමට අමතරව ගුටිබැට හුවමාරුවක් ද සිදුව තිබේ.

ඊට හේතු වී ඇත්තේ මහනුවර ධර්මරාජ විදුහලේ ක්‍රීඩකයෙකු විසින් ප්‍රතිවාදී ක්‍රීඩකයෙකුට ප්‍රහාරයක් එල්ල කිරීමයි.

එම අවස්ථාවේ ධර්මරාජ විදුහලේ ක්‍රීඩකයාගේ හැසිරීම සම්බන්ධයෙන් විනිසුරුවරයා විසින් රතු කාඩ් පතක් නිකුත් කර තිබුණ ද එම තීරණයට අභියෝග කරමින් ඉන්පසු අවස්ථාවකදී ද පිටිය වෙත පැමිණ ඇති අදාළ ක්‍රීඩකයා ජෝෂප් විදුහලේ තවත් ක්‍රීඩකයෙකුට පහරදීම හේතුවෙන් දෙපාර්ශවයම පිටිය මැද ගුටි බැට හුවමාරුවක් සිදුකරගෙන තිබේ.

ඒ අතරතුර තරඟය නැරඹීමට පැමිණි පිරිසක් ද මෙයට මැදිහත් වී අැති අතර ගැටුම හේතුවෙන් තුවාලලැබ ක්‍රීඩකයින් 02ක් රෝහල් ගත කිරීමට ද සිදුවී ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!