Gossip

අනුහස් හා අවන්තගේ පියා රවීමද? – දෙවෙනි ඉනිමේ රචකයාගෙන් හෙලිදරව්වක්

ටී.වී දෙරණ නාලිකාවේ සතියේ දිනවල රාත්‍රී විකාශය වන ” දෙවෙනි ඉනිම ” ටෙලි නාට්‍යය මේ දිනවල ඉතා ජනප්‍රියයි.

මෙම නාට්‍යයේ එන ප්‍රධාන චරිත දෙකක්වන අනුහස් හා අවන්ත පිළිබඳව සමාජජාල මාධ්‍යවල බොහෝ දෙනා කතාබහ කරනවා.

ඒ නාට්‍යය අනුව ඔවුන් දෙදෙනාම එකම පංතියේ ඉගෙනුම ලැබීම නිසායි.

ඉතින් මේ ගැන දෙවෙනි ඉනිමේ පිටපත් රචක සමන් එදිරිමුණි සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබුණා.

 

අනුහස් සහ අවන්ත එකම පංතියේ ඉන්නෙ කොහොමද… දෙවෙනි ඉනිම කණ්ඩායමට වැරදුනාවත්ද…..?

ඉහත ප්‍රශ්ණයට පිළිතුරු දීමට පෙර මා ප්‍රශ්ණ කිහිපයක් අහන්න කැමතියි.

1. සිංහභාහු කතාවේ සිංහ තාත්තා මනුස්ස අම්මත් එක්ක සංසර්ගයේ යෙදිලා මිනිස් පැටව් දෙන්නෙක් හැදුනෙ කොහොමද…?

2. ලස්සන වසීලිස්සා හි බබයිගා යකින්න කොස්ස කකුල් දෙක අස්සෙ ගහ ගත්තාම උඩින් ගියේ කොහොමද..?

3. සුපර් මෑන් ජොකා උඩට ඇඳ රෙද්දක් පිටේ ගැටගහගෙන පියාඹන්නේ කොහොමද…?

4. බැට් මෑන්ට වවුලෙක්ද මිනිහෙක්ද…..?

5. ස්පයිඩර් මෑන්ගේ අතින් එන්නේ ඇත්තම මකුළු දැල්ද, ඒවා එන්නේ කොහේ සිටද.., ඒවා සෑදී ඇති සංයෝගය මොනවාද….,?

6. හොලිවුඩ් වල අතිශය භයංකාර සටන් ජවනිකාවලදී අච්චර හැප්පෙන කාර් හැප්පෙන්න හැප්පෙන්න පෙරටත් වඩා වේගයෙන් යන්නේ කොහොමද…?

7. ප්‍රේම දඩයමේ අර කාන්තාව එක පාරටම හැපින්නක් වෙද්දි ඇඳන් හිටපු රෙදි ටික කෝ ළමයි. සාරිය හැට්ටය සහ යට ඇදුම් දෙක හෝ තුන එතන බිම තියෙන්න එපැයි. ඒ ටික හැපින්න ගිල්ලද….ආයි හැපින්න ගෑණි වෙද්දි සාරිත් ඇඳලා මේකපුත් දාන්නෙ කෝමද අච්චර ඉක්මනට. තෝඩුවක් වත් එහෙ මෙහෙ වෙන්නෙ නෑ බොල. අම්ම ගහයි බැට් එකෙන් නේහ්…?

8. දැන් අපේ අවසන් ප්‍රශ්ණය… අම්මලා දෙන්නෙක්ගේ එක තාත්තාගේ ළමයි වුණ අනුහස් සහ අවන්ත එකම පංතියේ ඉන්නෙ කොහොමද….,?

ඒක මෙහෙම වුණා වෙන්න බැරිද. උදේනිට අනුහස්ව හම්බ වෙන්න එද්දි රවී අමීෂා එක්කත් සම්බන්ධය පටන් අරන්. උදේනි ළමයා ලැබුණ ගමන් රවී හොයාගෙන එනවා. එතනදි රවී සහ ඔහුගේ පියා කියන්නෙ දැන් බඳින්න බෑ කියලා. එහෙම කියලා උදේනිව එලව ගන්නවා. ඒ වෙද්දිත් රවී අමීෂව බැඳලා හිටියා වෙන්න බැරිද. එහෙම වුණා නම් මේ දෙන්න අතරේ වයස් පරතරය මාස ගානක් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අවන්ත අනුහස්ට වඩා වැඩිමල් වෙන්නත් පුළුවන්. ඒ වගේම අවන්ත කියන්නෙ හනිමූන් බේබි කෙනෙක් නම්, එක්කෝ අඩු වයසින් හම්බ වුණ දරුවෙක් නම්…, මේ දෙන්නා එක පන්තියේ ඉන්න බැරි ඇයි. මේ දේවල් වලින් මොකක් හරි වෙන්න ඇති. උදේනි මට ඒ කතාව කිව්වෙ නෑ. මට උදේනිව මුණ ගැහුනේ දෙවෙනි ඉනිමේ ප්‍රේක්ෂක ඔබට උදේනිව හම්බ වුණ තැන් වලදිම ඒ විදිහටම තමයි. ඒ නිසා උදේනි ගැන මම දන්නෙත් ඔබ දන්න ටිකම තමයි. හැබැයි දරුවෝ දෙන්නා එක පංතියේ ඉන්නේ කොහොමද වගේ මෝඩ ප්‍රශ්ණයක් මට උදේනිගෙන් අහන්න හිතුනෙ නෑ. මොකද මං 7 වසර සමත් නිසා.

මට තියෙන ප්‍රශ්ණය ඒක නෙමෙයි, ඔය උඩ තියෙන ප්‍රශ්න 7 ම උත්තර නොසොයා විඳ දරාගන්නා සමහර මිනිස්සු 8 වෙනි ප්‍රශ්ණය ගැන හරිම සවිඥාණිකයි. ඒ ඇයි….???????

සිනාමුසුව බිම බලා ගනිමින් මා මේ සටහන නතර කරමි.
ලියන සෑම අකුරකටම වග කියමි.

සමන් එදිරිමුණි.

 

07

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!