Gossip

Derana Little Star Season 9 අවසන් මහා තරඟයේ ජය ලැබූ පුංචි තරු මෙන්න – වීඩියෝ

“දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් නයින්” අවසන් මහා තරඟය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත්ව පැවැත්වුණා.

මෙරට රියැලිටි රූපවාහිණී වැඩසටහන් අතර අද්විතීය ස්ථානයක් හිමිකරගත් එම වැඩසටහනට ඊයේ(24) රාත්‍රීයේදීත් ඉතා විචිත්‍රවත් අංග රැසක් එක් කර තිබුණා.

මාස 11ක පමණ කාලයක්, දිවයිනේ විසිරී පැතිරී සිටින දක්ෂ දරු දැරියන් විශාල සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පැවති මූලික වටයේ තරඟ වලින් දක්ෂතා දැක්වූ 20 දෙනෙකු අවසන් මහා තරඟයේදී ජයග්‍රහණය වෙනුවෙන් තරඟ වැදුනි.

වයස අවුරුදු 08න් පහළ හා 12න් පහළ වශයෙන් ගායන හා නර්ථන තරඟ ඉසව් දෙකක් පැවති අතර විනිසුරු තීරණයෙන් දක්ෂතම පුංචි තරුවද ප්‍රේක්ෂක මනාපයෙන් ජනප්‍රියම පුංචි තරුවද තෝරා ගැණුනා.

ඒ අනුව වයස අවුරුදු 08න් පහළ ගායන ඉසව්වේ ජනප්‍රියම පුංචි තරුව බවට පත් වූයේ අක්ෂා චමුදි දැරියයි.

එම ඉසව්වේ දක්ෂතම තරුව ලෙස ඉරේෂා රාජිණී සම්මාන දිනා ගත් අතර එහි අනු ශූරතාව අක්ෂා චමුදි දැරියට හිමි වුණා.

වයස අවුරුදු 08න් පහළ නර්ථන අංශයේ ජනප්‍රියතයම කිරුල හිමි වූයේ තිනුලි දිහස්නා දැරියටයි.

එම ඉසව්වේ දක්ෂතම පුංචි තාරකාව ලෙස යෙහන්සා මින්සදී සම්මාන දිනාගත් අතර අනු ශූරතාව යතිෂ් කෙනුජට හිමි වුණා.

වයස අවුරුදු 12න් පහළ ගායන ඉසව්වේ ජනප්‍රියම කිරුළ සමිදි සුභාරා විසින් දිනාගත්තා.

එම ඉසව්වේ දක්ෂතම පුංචි තරුව ලෙස සිතිජ තීක්ෂණ අභිෂේක ලබද්දී අනු ශූරතාව අෂිනි චමත්කාට හිමි විය.

අවුරුදු 12න් පහළ නර්ථන අංශයේ ජනප්‍රියම පුංචි තාරකාව ලෙස සම්මාන දිනාගත්තේ දොන් ජිනෙව්රා දැරියයි.

එම ඉසව්වේ දක්ෂතම පුංචි තාරකාව ලෙස නෙත්මි උදාරි කිරුළ දිනාගත් අතර තිසෙන්දි ඩිලක්නා එහි අනු ශූරතාව දිනාගත්තාය.

ජයග්‍රාහකයින්ට සම්මාන සහ වටිනා ත්‍යාග රැසක් ලබාදීමට අනුග්‍රාහකයින් ඉදිරිපත්ව සිටියහ.

දෙරණ ලිට්ල් ස්ටාර් පසුගිය වසර වල ජයග්‍රාහී තරු ඉදිරිපත් කළ නර්ථන හා රංගන වැඩසටහන් වලින් අවසන් මහා තරඟය වර්ණවත් විය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!