Gossip

වාහනයට ගෙවන්න සල්ලි නැතුව බිරිඳගේ සිරුර සැමියාගේ කර මතින්ම නිවසට(වීඩියෝ)

cvr

රෝහලේදී මියගිය තම බිරිඳගේ මළ සිරුර නිවෙසට ගෙනයාම සදහා වාහනයක් කුලියට ගැනීමට මුදල් නොමැති වීම හේතුවෙන් කර මතින් එය ගෙන යාමට සැමියෙකු කටයුතු කර තිබෙනවා.

රෝහලේ සිට නිවසට කිලෝමීටර 60ක් පමණ දුරක් ඇති බවද පැවසෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයෙන්.

ක්ෂය රෝගයෙන් පීඩා විඳි මේ කාන්තාව රෝහලේදී මියගිය අතර ඇගේ මළ සිරුර කිලෝමීටර 60 ක් දුරින් පිහිටි තම නිවසට ගෙනයාමට ගිලන් රථයක් ලබාදෙන ලෙස මේ පුද්ගලයා රෝහල් බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා.

එහෙත් රෝහල් බලධාරීන් එයට එකඟ නොවීම නිසා විකල්පයක් නොමැති වූ මේ පුද්ගලයා  මේ මළසිරුර තම කරේ තබාගෙන ඇවිද ගොස් තිබෙනවා.

ඔහුගේ 12 හැවිරිදි දියණිය ද මේ සමඟ ගමන් කර තිබෙනවා.

ඉන්දියාවේ රූපවාහිනී නාලිකාවක් මේ පුවත විකාශය කිරීමත් සමඟ බලධාරීන් ඔහුට මළ සිරුර ගමට ගෙනයාමට ගිලන් රථයක් ලබාදී තිබුණා.

 

 

 

 

-උපුටා ගැනීමක්-

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!