Gossip

ඉමේෂී රේල් පාරෙන් පැන්නේ පෙම්වතා සප්‍රයිස් කරන වැඩේ ලැස්ති කරන්න

cover

දෙහිවලදී අවාසනාවන්ත ලෙස දුම්රිය අනතුරකට ලක්වුණ පාසල් සිසුවියන් දෙදෙනා එම සාදය සඳහා කැඳවාගෙන ගිය මිතුරා සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සිද්ධවූ දේ විස්තර කර තිබෙනවා.
ඔහු විස්තර කරන ආකාරයට එදින පවත්වන්නට නියමිතව තිබී ඇත්තේ පාසල් මිතුරියකගේ සාදයක් නොව මියගිය සිසුවියන් දෙදෙනාගෙන් කෙනෙකුවන ඉමේෂිගේ පෙම්වතාට ඇය විසින් ලකලෑස්ති කළ පුදුම කරවන සාදයකි. වෙනත් මිතුරෙකුගේ උපන්දිනයකට එන්නැයි බොරුවක් කියා
ඔහුව එතැනට ගෙන්වා ඉමේෂි හා ෂැරොන් එතැනට ගොස් තිබෙන අතර තවත් මිතුරන්ටද එයට ආරාධනා කර තිබුණි.
ඔවුන් දෙදෙනා එතැනට කැටුව පැමිණ ඇත්තේ වාහනය පැදවූ පෙම්වතාගේ පාසල් මිතුරකු වන මෙවන් නමැත්තෙකි. ඔහු සිද්ධිය විස්තර කර සටහනක් තබා තිබුනේ පහත පරිදිය.

‘ඉමේෂි පුදුමකරවන උපන්දින සාදයක් සැලසුම් කරා ශාමික වෙනුවෙන්. ඇගේ පෙම්වතා වන ඔහු මගේ පාසල් සගයෙක්. ශාමිකට කියලා තිබුනේ එතැනට එන්න ජේසොන් කියන මිතුරගේ බර්ත්ඬේ එකක් තියනව කියල විතරයි. ඉමේෂි එතැනට එන බව දැනං හිටියෙ නෑ එයා කලින් ගිහින් ඉඳෙද්දි මම ඉමේෂිවයි, ශරෝන්වයි, ශාමිකගේ මල්ලිවයි වැල්ලවත්තෙන්

කාර් එකට දාගෙන අවන්හලට එක්ක ගියා. එතනට ගියාම ශාමික එනවා දැකලා අපි මගහරිමු කියලා මං කිව්වා ඒත් එයාලා කිව්වේ ඔයා එනවා කියලා ශාමික කොහොමත් දන්නවා, එයා ඔයාව දැක්කට කමක් නෑ, හැබැයි එයා අපි එනවා කියලා දන්නේ නැහැනේ, අපි බැහැලා යන්නම් ඔයා එන්න කියලා. ඒ එක්කම ඉමේෂියි, ශරොනුයි කාර් එකෙන් බැස්සා. එයලා ශාමිකට හොරෙන් සාදය තියන තැනට වටෙන් යන්නයි හැදුවෙ.
මම මල්ලි එක්ක ගියා කාර් එක පාක් කරන්න. මං එවෙලේ දැක්කා කෝච්චියක් යනවා. ඒත් මේ කිසි දෙයක් දැනන් හිටියේ නැහැ.

පස්සේ මම කාර් එකෙන් බැහැලා අවන්හල පැත්තට යද්දී කොච්චිපාර ළඟ පණස් දෙනෙක් විතර වට කරන් ඉන්නවා මට තේරුනා කව්දෝ හැප්පිලා කියලා. මං එතන හිටපු අයගෙන් ඇහුවා ‘දෙවියනේ කෙල්ලෝ දෙන්නෙක්ද හැප්පුනේ’ කියලා. ඒත් කව්රුත් කිසිම දෙයක් කිව්වේ නෑ. මං ආයෙත් කෑගහලා ඒක ඇහුවාම එතන හිටපු කෙනෙක් ‘ඔව්’ කිව්වා.
මට කෑ ගහලා ඇඬුනා. ශාමික පාරෙ එහා පැත්තෙන් ඇවිදන් යනවා. ශාමිකට කතා කරලා කිව්ව බලන්න කියලා. ශාමික කෑ ගහපු හැටියට මට තේරුනා ඒ හැප්පිලා තියෙන්නේ එයාලා දෙන්නාම තමයි කියලා.
ඉමේශිගේ ඇෙඟ් කෑලි හොයාගන්න බැරිවුනා. ශරෝන්ගේ නම් ලොකුවට හානියක් වෙලා තිබ්බේ නැහැ. මං එතන හිටපු අයගෙන් ඇහුවා ” මං ගාව කාර් එකක් තියනවා, මෙයාලව දාගෙන අපි හොස්පිටල් අරන් යමුද ?” කියලා. එතකොට එතන හිටපු කෙනෙක් කිව්වා ” මල්ලි දෙන්නම ඉවරයි වැඩක්නෑ” කියලා. මට එතනම වමනේ යන්න ආවත් මං පාලනය කරගත්ත, ශාමික එතනම වමනෙ දැම්මා. ඇත්තටම අදහගන්න බැරි දෙයක් සිද්ද වුනේ.තාත්තා ඇවිත් මාව එතනින් අරන් ගියා. මට තාම නිදාගන්න බැහැ. මට හිතා ගන්න බැහැ එතන වුනදේ’

 

තරුණියන් 2ක් බිලිගත් දෙහිවල දුම්රිය අනතුරේ CCTV දර්ශන මෙන්න http://goo.gl/82yg0H

 

තරුණියන් දෙදෙනෙකු බිලිගත් දෙහිවල දුම්රිය අනතුරේ වීඩියෝව  http://goo.gl/zMqLa9

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!