Gossip

ගොයම් කපන යන්ත්‍රයකට හසුවී පාද 03ක් අහිමිවූ සුනඛ මවට ජීවය දුන්නු අය ගැන ෆේස්බුක් සටහනක්

දෙහිඅත්තකන්ඩිය තුවාරගල ප්‍රදේශයේ ‍ගෝයම් කපන යන්ත්‍රයකට හසුව ඉදිරිපස පාද සහ පිටුපස පාදයක් කැපී ගිය සුනඛයෙක් පිළිබඳව සංවේදී පුවතක් පසුගියදා වාර්තාවුණා. මෙසේ අවාසනාවන්ත ලෙස අනතුරට පත්වූ සුනඛයා තවත් සතියකින් පමණ පැටවුන් බිහිකිරීමට සූදානම් වූ මවක් බවයි වාර්තා වුණේ.

පසුව මේ සිදුවීම සම්බන්ධයෙන් දෙහිඅත්තකන්ඩියේ සතුන්ට වෙද හෙදකම් කරන ධම්මික නමැති තරුණයාට මිතුරෙකු මගින් දැනගන්නට ලැබෙනවා. ඔහු පැමිණ හැකි අයුරින් වෙද හෙදකම් කර එම සුනඛයා බේරාගෙන ඇති නමුත් එම සුනඛයාගේ පාද තුනක්ම සම්පූර්ණයෙන්ම යන්ත්‍රයට හසුව වෙන්වී ගොස් තිබෙනවා. එම සතාට බෙහෙත් කරන අතරතුර යම් පිරිසක් එම අසරණ සතා මරා දමන අයුරු ගැනත් සාකච්ඡා කර ඇති අතර ධම්මික හැකි අයුරින් එම සුනඛයාගේ දිවි බේරාගැනීමට සමත්වූ බවත් අපට වාර්තා වුණා.

ඉතින් දම්මිකගේ මේ ක්‍රියාව අගය කරමින් ඔහුගේ යහලුවෙක්ද ෆේස්බුක් සටහනක් යොදා තිබෙනවා.

මේ එම සටහන සහ ඡායාරූපයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!