Gossip

කෝපයට පත් ඉන්දියානුවෝ දීපිකාගේ නාසය කැපීමට යයි

රාණි පද්මාවතීගේ ප්‍රේමය, ත්‍රාසය, වීරත්වය මුසුවූ පුරාවෘත්තය ‘පද්මාවතී’, තිර‍යේ දිග හැරෙන්නට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. හම් දිල්දේ චුකේ සනම්, දේව්දාස් වැනි ආදරය සුන්දරව සිනමාවේ සිත්තම් කළ සම්මානනීය අධ්‍යක්ෂ සංජේ ලීලා බන්සාලිගේ අලුත් ම වික්‍රමය පද්මාවතී ය. එය 2017 වසරේ රසිකයන් පුල පුලා සිටි සිනමාපටයක් වුණත්, දැන් මුහුණ පා සිටින්නේ දැවැන්ත අර්බුදයකට ය.

රාණි පද්මාවතී ලෙස ගෙන, දීපිකා පදු‍කෝන් තරම් මෑත ඉතිහාසයේ රඟන චරිතයක් නිසා, ජීවිත තර්ජනයකට මුහුණ පෑ තවත් නිළියක නැති තරම් ය . ඇයටත්, අධ්‍යක්ෂ සාජේලීලා බන්සාලින්ටත් මෙසේ වාග් ප්‍රහාර , කායික තර්ජන එල්ල කරන්නේ, ශ්‍රී රාජ්පුට් කර්ති සේනා සංවිධානයයි. කර්නි සේනා පෙනී සිටින්නේ හින්දූන් වෙනුවෙනි. හින්දු – මුස්ලිම් බේදය වර්ධනය කරන කරුණක් බවට දැන් මේ සිනමාපටය පත්වී අවසාන ය. රාජ්ජුත් කර්නි සේනා ප්‍රධානී කියා සිටින්නේ, ඔවුන් ලක්ෂ ගණනින් එක්වන්නේ, තම මුතුන් මිත්තන් රුධිරයෙන් ලියූ ඉතිහාසය අඳුරු කරනවාට ඇති අකැමැත්ත නිසා බව ය.

කාන්තාවකට එරෙහිව අත එසවීම කීර්ති සේනාගේ ගති ස්වභාවයක් නොවුණත්, රාමායනයේ ලක්ෂ්මන් සුපර්නිකාගේ නාසය කැපුවා සේ ,තම සංවිධානය ද රාණි පද්මාවතී ලෙස රඟන දීපිකාගේ නාසය කපා දමන බව පවසා ඇත. ඇයගේ නාසය කපන ලෙස ද මහජනතාවගෙන් ඉල්ලා සිටී. කිසිවකු දීපිකා පදුකෝන්ගේ හෝ සංජේ ලීලා බන්සාලිගේ හිස රැගෙන එනවා නම්, ලක්ෂ 5ක් දෙන බව තකූර් නායකයා පවසා ඇත. දොළොස් දහසක් කාන්තාවන් සමඟ රාණි පද්මාවතී දිවි පුදන දසුන ඉතිහාසයටම කරන අපහාසයක් නිසා, ඔවුන් රටහැර යායුතු හෝ රටට හිස දන්දිය යුතු බව ඔවුනගේ අදහස ය.

මේ තර්ජන ගර්ජන නිසා, සංජේටත්, දීපිකාටත් දැඩි පොලිස් රැකවරණයක් ලැබී තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!