Gossip

“මගේ ලේන් පැටිය තවමත් ඉන්නේ මා ළඟමයි” ධනුක කියන ආන්දෝලනාත්මක කතාව මෙන්න

මේ දවස්වල වැඩිපුර ම කතාබහට ලක් වන නළුවකු තමයි ධනුක දිල්ශාන්. ඒ ඔහු හා උමාලි තිලකරත්නව සම්බන්ධ කර ගනිමින් කලා ක්ෂේත්‍රයේ යන කටකතාව අද බොහොම ජනප්‍රිය වෙලා. ඒ ගැන ධනුක සමග කළ සංවාදයකුයි මේ.

මේ දවස්වල ජනප්‍රිය නිළියක් සමඟ ඔබගේ නම ඈඳීලා. ඒ කතාව ඇත්තක්ද?

මට ඒ ගැන කතා කිරීමට උවමනායි. මා සම්බන්ධ කරගනිමින් මේ දවස්වල විවිධ කටකතා යන බව ඇත්තයි. ඒකට මට කරන්නට දෙයක් නැහැ. මා විමසන්නේ ඊට සම්බන්ධ වුණ අයවත් ඒ ගැන කිසිම දෙයක් කියන්නේ නැතිව ඇයි ඔය වගේ ප්‍රශ්නයක් මගෙන් විමසන්නේ යන්නයි.

සාරංගත් උමාලිත් සමඟ ඔබට තිබෙන්නේ මොනවගේ සම්බන්ධයක් ද?

සාරංගත්, උමාලිත් එක්ක මගේ කියන තරම් සම්බන්ධයක් නැහැ. ඒත් හිතවත්කමක් නැත්තෙත් නැහැ.

ඉන්ස්ටර්ග්‍රෑම් එකද ප්‍රශ්නය ඇති කළේ?

මා ඇති කරන සුරතල් ලේනාගේ පින්තූරයක් මා එහි දමා තිබුණා. ඒ වගේම උමාලිත් ඇති කරන සුරතල් ලේනාගේ පින්තූරයක් දමා තිබුණා. මේ පින්තූර දෙකම දැක්ක කෙනෙක් එය අරගෙන ගැසුව මඩ ප්‍රචාරයකුයි මේ දිගින් දිගටම ගියේ. කවුරු වුණත් එහෙම කරන්න හොඳ නැහැ.

මේ ප්‍රශ්නය පැන නැඟෙන්නේ ඔය ලේන් පැටියා හරහායි?

ඒක තමයි. මේ ප්‍රශ්නය හරහායි ඔය කතාව ආරම්භ වන්නේ. ඒත් මම දන්නේ නෑ, මේකේ ඇත්ත නැත්ත මොකක්ද කියලා.

ඇත්තටම ධනුකගේ ලේන් පැටියා උමාලිට පරිත්‍යාග කළේ නැද්ද?

මාර කතා තමයි ඔයත් අහන්නේ.

පහුගිය කාලයේ ආරංචිය ගියේ එහෙම නේ. ඒ නිසයි මා ඒ ගැන ඔබෙන් කෙළින්ම විමසුවේ?

මගේ ලේන් පැටිය තවමත් ඉන්නේ මගේ නිවසෙමයි. මා ළඟමයි.

එහෙම නම් ඒ වැරැද්ද පැටවෙන්නේ ඉන්ස්ටර්ග්‍රෑම් එකටයි?

පින්තූර දෙකම එකතු කිරීමෙනුයි කවුරු හෝ ගින්නක් අවුළුවල තිබෙන්නේ. එහෙම කළ මිනිස්සුන්ට කවදා හෝ හොඳක් වන්නේ නැහැ. එහෙම කරලා හරි ඒ අයට හොඳක් වෙනවා නම් කමක් නැහැ. ඒ ගැන මම කාටවත් වරදක් කියන්නේ නැහැ. මා වැරදි කරලා නැති නිසා ඒ කිසිවක් මගේ ඇඟේ ගෑවෙන්නේ නැහැ.

ඒ වුණාට පරණ කතාවක් තිබෙන්නේ ගින්නක් නැතිව දුමක් නොනඟින බවයි?

ඒක තමයි මමත් අහන්නේ. දුමක් නගින්න ගින්න තියෙන්නේ කොහෙද කියලයි?

ඔබ මේ කටකතාව පිළිගන්න කොහෙත්ම කැමැති නැහැ වගෙයි?

නැහැ. මට මිනිස්සු තරහ කරගන්න උවමනාවක් නැහැ. මට කාගෙවත් පවුල් කඩන්න උවමනාවකුත් නැහැ. මා දන්න විදියට ඒ පවුල කැඩෙන පවුලකුත් නෙවෙයි.

එහෙමනම් ඔබ පසුගිය දවස්වල මේ කතාවට හරියට උත්තර නුදුන්නේ ඇයි?

ඔය කතා මගේ ඇගේ ගෑවෙන්නේ නැහැ. ඒ නිසයි ඕවාට මම උත්තර නුදුන්නේ. හාර හාර අවුස්සන්න ගියාට පස්සේ සිතන්න පුළුවන් අපි වුණත් වැරදිකාරයෝ කියලා.

ඒ වුණාට ඔබට නිවැරදි කිරීමක් කරන්න තිබුණා?

මං කාටවත් වැරදි කරන්නේ නැති මනුස්සයකු නම් මම මොකටද කාටවත් කියන්නේ වැරැද්දක් කරන්නේ නෑ කියලා. මා කාටවත් බයේ ජීවත් වන කෙනෙක් ඒ විදිය නොවෙයි. මා අදහන ආගමකුත් නැහැ. මා අදහන්නේ මාවමයි. මගේ පාඩුවේ මා ජීවත් වෙනවා.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!