Gossip

“වෙඩි තියන්නත් පිරිසක් බලාගෙන ඉන්නවා. ඉස්සරහට මම කජුවත්තකින් කුඹුරු යායකින් නෙවෙයි අන්නාසි හරි රඹුටන් වත්තකින් හරි මතු වෙන්නත් පුළුවන්.” – Exclusive

දමිත් අසංක කියන්නේ අපි කවුරුත් ආදරය කරන නිහතමානී ජනප්‍රිය ගායන ශිල්පියෙක්.
මියුරු කටහඬින් රසික හදවත් ආදරයෙන් වැළඳගත් දමිත් අසංක ගැන පසුගිය කාලේ පුරාම කතා කළා.
මේ දිනවල නැවතත් ඔහු ගැන කතා වෙන්න පටන් අරන්. ඒ තමයි ගොවිතැන් කරන ස්ථානයක සිටින දමිත් අසංකගේ ඡායාරූප කිහිපයක් නිසා.
ඇත්තටම මේ කොහෙද..? දමිත් අසංක මොකද කරන්නේ කියලා දැනගන්න වෙබ් ගොසිප් අපි දමිත් අසංකට කතා කළා.
ඒ කතාව අහපු අපිට ඔහු කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.

පුද්ගලයෙක් හැටියට ගත්තම මිනිස්සු ගොඩක් දෙනෙක් මගේ වටිනාකම දන්නේ නෑ.. හැබැයි අදුනගත්තට පස්සෙත් අදුනගත්තේ නෑ වගේ ඉන්න අවස්ථාවලට මම මුහුණ දුන්නා.
වෙඩි තියන්නත් පිරිසක් බලාගෙන ඉන්නවා. තුවක්කුවෙන් වෙඩි තියන එකට වඩා වචනවලින් ක්‍රියාවලින් වෙඩි තියන එක බරපතලයි..
මම අවංකවම කියනවා මට මොන උසාවියකින්වත් නියෝගයක් ඕනේ නෑ.. මම ඕනෑ තැනකට සෙනගක් ගෙන්වන්න පුුළුවන්.. මම මහ හයියෙන් ගලක් උඩ නැගලා හරි සිංදු කියනවා.. වැඩේ කියන්නේ එච්චර බලයක් තියෙන කෙනෙක්ව වුණත් අදුනගන්නේ නැති එකයි.
අපි දවස ගාණෙම පස්සට වැටෙනවා.. මම මේ කියන්න යන්නේ රාජ්‍ය පරිපාලනයේ දුර්වලකමක් ගැන.
මගේ වෘත්තිය මම තාම අදුනගෙන නෑ.. මම පසුගිය කාලේ වෘත්තිය මට්ටමේම ගායකයෙක් විදිහට තමයි හැසිරුනේ..
එතකොට අපිව අදුනගත්තම රෙස්පෙක්ට් කරන්න ඕනේ අපිට. අපිව පෝලිමේ තියාගෙන ඉන්න බෑ.
ලංකාවේ මිනිස්සු පිටරටකට ගියත් අපිව පෝලිමේ තියාගෙන ඉන්න බෑ. ඒත් ඒක සිද්ධ වුණේ නෑ පසුගිය කාලේ.
ඒකෙන් සිද්ධවුණේ මම ආපහු ගහකොල සොබාදහම ගොවි ජනතාව එක්ක මගේ ගමේ මිනිස්සු එක්ක මම එකතු වුණු එක.
ඒ හැමවෙලේම මම උත්සහ කළා ඔවුන් එක්ක මේ හැමදේම හුවමාරු කරගන්න.
මගේ තියෙන හැකියාවෙන් හරි කටහඩෙන් හරි මම ඒ අයට ඇහෙන්න සිංදුවක් කියාගෙන උදව්වක් කරගෙන ඉන්නවා.
මම ජීවත් වෙන වත්ත පිටිය තමයි ඔය. හැබැයි මම තනියෙන් වගා කරපුවා නෙවෙයි.
හැබැයි මම ඔය ජීවිතේ ගත කරන ස්වභාවය තමයි ඔය.
සමහර වෙලාවට ඉස්සරහට මම කජුවත්තකින් කුඹුරු යායකින් නෙවෙයි අන්නාසි හරි රඹුටන් වත්තකින් හරි මතු වෙන්නත් පුළුවන්.
මේ දේවල් දැකලා මට ආශිර්වාද කරන එකට මම ගොඩක් සතුටු වෙනවා.
ෆේස්බුක් කියන්නේ හොද නරක දෙකම තියෙන තැනක්. මගේ යාළුවෙක් තමයි ඔය ෆොටෝ ටික දාලා තියෙන්නේ.
මම කියන්නේ පරිපාලන ශේණියේ ඉන්න නිලධාරීන්ටත් පුළුවන්නම් වැව් පිටිවල ඇවිදලා බලන්න මිනිස්සු මහන්සි හැටි ගැන බලන්න කියලයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!