Gossip

ෆයිනල් දිනපු ලංකාවේ ක්‍රිකට් දැන් ඇෆ්ගන් – කෙන්යා ටීම් එක්ක සෙල්ලම් කරලා 2019 ලෝක කුසලානයට යන්න වෙන හැටි

පරාජය පුරුද්දක් කරගෙන ඉන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ඊයේ (31) ඉන්දියාව එක්ක තිබුණු 4 වෙනි තරඟයෙනුත් අන්ත පරාජයක් හිමිකරගත්තා. අපි එහෙම කියන්නේ මේ තරඟය වාර්තා පොත් අතරට එක්වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමක් තමන්ගේ රටේදී ප්‍රතිවාදී කණ්ඩායමකට පරාජය වුණු වැඩිම ලකුණු ප්‍රමාණය ඊයේ වාර්තා වුණු හින්දා. ඒ ලකුණු 168ක්.

තරඟයේ මුල ඉඳලම වැඩි වාසි හිමිකරගත්ත ඉන්දියානුවන් ලකුණු 375ක් රැස් කරගත්තේ කඩුලු 5ක් පමණක් දැවී ගිහින්. කොහොම වුණත් මේ තරඟ පරාජයෙන් පස්සේ අපිට 2019 ලොක කුසලානයට නිතරගයෙන් සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි වුණා.

ඒ අවස්ථාව හිමිකරගන්න නම් එක් දින ශූරතාවලියේ තරග දෙකක් ජයගැනීම අපිට අත්‍යවශ්‍ය වෙලා තිබුණු වෙලාවක තමයි මේ හැමදේම සිද්ධ වුණේ. බොහෝ දුරට 2019 ලෝක කුසලානයේදී අපිට ඇෆ්ගනිස්ථානය වගේ රටක් එක්ක සෙල්ලම් කරලා ජය අරගෙන තමයි පළමු වටයේ තරඟවලට සහභාගී වෙන්න තියෙන්නේ.

කොහොම නමුත් කිසියම් ලෙසකින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය සඳහා නිතරගයෙන් සුදුසුකම් ලබන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මීළඟ එක් දින තරගාවලියේදී එක් තරගයක් හෝ පරාජය වුවහොත් සහ මීළඟ එක් දින තරගය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනොත් පමණයි.

එහෙත් එයද ICC එක් දින ශ්‍රේණිගත කිරීම්වල ලකණු සංඛ්‍යාව මත රඳා පවතිනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!