Gossip News

ප්‍රවහන පහසුකම් නවතලා.. කොරෝනා රෝහල්වල හෙද ඇතුළු කාර්ය මණ්ඩල මහපාරේ වේලෙයි..

කොරෝනා ආසාදිතයන්ට ප‍්‍රතිකාර කරනු ලබන සියලූ‍ රජයේ රෝහල් හා ප‍්‍රතිකාර මධ්‍යස්ථානවල සේවය කරනු ලබන හෙද කාර්ය මණ්ඩලය ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා මෙතෙක් ලබා දී තිබු ප‍්‍රවාහන පහසුකම් ඉකුත් අඟහරුවාදා (01)  සිට නතර කිරීම හේතුවෙන් එම කාර්ය මණ්ඩල සාමාජිකයන්ට දිගු වේලාවක් මහමග රස්තියාදු වීමට සිදු වීමෙන් නියමිත වේලාවට රාජකාරියට වාර්තා කිරීමට නොහැකි වී ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

මෙසේ අදාළ රෝහල් හා ප‍්‍රතිකාර මධ්‍යස්ථානවල සේවය කරන රෝහල් කාර්ය මණ්ඩලයට ලබා දුන් ප‍්‍රවාහන පහසුකම් නතර කර තිබීම හේතුවෙන් ඇතැම් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට විශාල මුදලක් වැය කරමින් ත‍්‍රිරෝද රථ ඇතුළු පුද්ගලික වාහනවලින් රාජකාරියට වාර්තා කිරීමට සිදුව ඇති බව හෙද නිලධාරීන්ගේ  සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතා පවසයි. කොරෝනා වසංගත සමයේ මෙතෙක් මෙම කාර්යමණ්ඩල සාමාජිකයන් රෝහල්වලට ප‍්‍රවාහනය කිරීම සඳහා ලංගම බස් රථ ලබා දී තිබු අතර ඒ සඳහා අවශ්‍ය මුල්‍ය ප‍්‍රතිපාදන රජයේ රෝහල්වලට ගෙවනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් බව පෙන්වා දෙන රත්නප‍්‍රිය මහතා මෙම වසංගත සමයේ රෝහල් කාර්යමණ්ඩල සාමාජිකයන්ට ප‍්‍රවාහන පහසුකම් ලබා දී රෝහල්වල සේවයට කැඳවීම සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකීම බවත් එම වගකීම පැහැර හරින්නේ නම් සෞඛ්‍ය සේවාව ජනතාවට ලබාදීම ගැටලූ‍කාරී වනු ඇතැයි සඳහන් කළේය.

මෙම තත්ත්වය සැළකිල්ලට ගෙන වහාම අදාළ රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් ප‍්‍රවාහන පහසුකම් ලබා දී සේවයට කැඳවීමට අමාත්‍යංශය විසින් පියවර ගත යුතු බවත් එසේ නොකරන්නේනම් රෝහල්වල නොසන්සුන්තාවක් හටගත හැකි බව හෙතෙම අවධාරණය කළේය.

ඒමන්ති මාරඹේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!