Gossip News

කොරෝනා ආසාදිත රියැදුරයෙකු හමුවීමෙන්, විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයක් වැසෙයි

රියැදුරකුට කොරෝනා වෛරසය ආසාදනය වීමේ සිද්ධියක් හේතුවෙන් ඊයේ (10) වැනිදා සිට බත්තරමුල්ල
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශය නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට
කටයුතු කර තිබේ.

විදේශ සේවා කාර්යාංශය වසා දැමුවද පැය විසිහතර පුරා කි‍්‍රයාත්මක එහි තොරතුරු සේවා කටයුතු කි‍්‍රයාත්මක බවත් ඕනෑම අයකුට අංක 011 2880500 දුරකථනය ඇමතීමෙන් අවශ්‍ය තොරතුරු ලබාගත හැකි බවත් එහි උසස් නිලධාරියෙන් සදහන් කළේය. අදාළ රියැදුරාට වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වීමත් සමග ඔහු ප‍්‍රතිකාර සදහා යොමු කළ සෞඛ්‍ය අංශ එම ආසාදිත රියැදුරාගේ ආශි‍්‍රතයන් වූ තවත් රියැදුරන් පනස් දෙනකු නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර ඇත.

නිරෝධායනයට ලක් කළ එම රියැදුරන් පිරිස විදේශ සේවා කාර්යාංශයටම අයත් පන්නිපිටිය පුහුණු මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණ කොරෝනා පොකුරේ ප‍්‍රබල ව්‍යාප්තියත් සමග ගම්පහ අංක එක මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතාගේ ආරක්‍ෂක පොලිස් නිලධාරියාට වෛරසය ආසාදනය වීම නිසා විනිසුරුවරයා ඇතුළු අධිකරණ කාර්ය මණ්ඩලයේ දස දෙනකු නිවාස නිරෝධායනයට යොමු කර තිබේ.

ආසාදිත පොලිස් නිලධාරියාගේ ආශි‍්‍රතයන් ලෙස හදුනා ගැනීම නිසා මහාධිකරණ විනිසුරුවරයා ඇතුළු පිරිස මෙසේ ඔවුන්ගේම නිවෙස් තුළ නිරෝධායනයට ලක් කළ බව
ගම්පහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සමින්ද සමරදිවාකර මහතා සදහන් කළේය.

මහාධිකරණ විනිසුරුවරයා සහ මහාධිකරණයේ ප‍්‍රධාන රෙජිස්ටාර්, මුඞ්ලියර්, ආරච්චි, ඝෝෂක සහ පොලිස් නිලධාරීන් දෙදෙනකුද, අධිකරණ කාර්ය මණ්ඩලයේ තිදෙනකුද මෙසේ නිරෝධායනයට ලක් කර ඇත.

විනිසුරුවරයා ඇතුළු පිරිස සමග ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද දින දහහතරක කාලයක් සදහා මෙසේ නිරෝධායනයට යොමු කළ බව සමින්ද සමරදිවාකර මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර විදේශගතව සිට මෙරටට ගෙන්වනු ලබන ශ‍්‍රමිකයන්ගේ නිරෝධායන කි‍්‍රයාවලියේ වෙනසක් සිදු කිරීමට තීරණය කර ඇති බව කොරෝනා මර්දන ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී සහ යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ සදහන් කර තිබිණි.

එයට අදාළ නිර්දේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ඉදිරිපත් කරනු ඇතැයි ද යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයන් මෙරටට පැමිණීමෙන් පසු රජයේ මධ්‍යස්ථානයක එසේත් නැතිනම් හෝටලයක හෝ පෞද්ගලික ස්ථානයක දින දහහතරක කාලයක් නිරෝධායනය කිරීම මේ දක්වා සිදු කෙරිණි.

අනතුරුව ඔවුන්ගේ පී. සී. ආර්. පරීක්‍ෂණ සිදු කර ආසාදිතයකු ලෙස හදුනාගතහොත් ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමත් ආසාදිතයකු නොවේ නම් තවත් දින 14 කාලයක් නිවෙස් නිරෝධායනයට ලක් වන ලෙස දන්වා පිටත් කර යැවීම සෞඛ්‍ය බලධාරීන් මෙතෙක් කි‍්‍රයාත්මක කළ ක‍්‍රමවේදය විය.

මෙම තත්ත්වයේ වෙනසක් සිදු කරමින් යම් ලිහිල් කිරීමක් සහිතව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිත බව යුද හමුදාපතිවරයා පෙන්වා දෙයි.

ඒ අනුව මෙරටට පැමිණෙන විදෙස්ගත ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයන් දින දහහතරක නිරෝධායන කාලයෙන් පසු පී. සී. ආර්. පරීක්‍ෂණයකට ලක් කිරීමේදී වෛරසය ආසාදනය වී නොමැතිනම් යළි නිවසට ගොස් නිරෝධායනයට ලක්වීමක් අවශ්‍ය නොවන බවද සදහන් වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!