Gossip

බමුණා වුණත් දුදනෙකු නම් බිම හොවනු.. සැඩොලා වුණත් සුදෙනෙකු නම් පුටුව දෙනු

යාපනය මහාධිකරණ විනිසුරුවරයාගේ ජීවිතය බේරා ගැනීමට ජීවිතය කැපකළ පොලිස් නිලධාරියාගේ මරණ පරීක්ෂණය සිදුකරන අවස්ථාවට මහාධිකරණ විනිසුරුවරයාද එතැනට පැමිණියා.

එහිදී මහාධිකරණ විනිසුරුවරයා විසින් මියගිය පොලිස් සැරයන්වරයාගේ බිරිඳ ඉදිරියේ වැඳ වැටෙමින් හඬා වැලපෙන සංවේදී වීඩියෝවක් අපි ඊයේ ඔබට වෙත ගෙන ආවා.
එම සිද්ධිය ගැන පසුව හැමතැනම වගේ කතාවෙන්න පටන් ගත්තා.

ඉතිං මේ සිද්ධිය ගැන මුහුණුපොතේ ලියැවුණු අපූරු සටහනක් ගැන පලකරන්න අපි හිතුවා.

එම සටහන පහතින්..

බමුණා වුනත් දුදනෙකු නමි බිම හොවනු..
සැඩොලා වුනත් සුදෙනෙකු නමි පුටුව දෙනු.
හෙළයා වුණත් ජඩයෙකු නම් පහර දෙනු…
දෙමළා වුණත් විරුවෙකු නමි ගරු කරනු….

බුදුහිමි ,ජේසුහිමි නබිහිමි වැද පුදනු….
දෑ ගොත් කුල නොදුටු උන් බණ පිළිපදිනු…
වැදි බණ මැදින් මූනි බණ තොරා අසනු…
වැදි බණ දෙසන සඟගණ වුව පිටු දකිනු…

සිහසුන ඉන්ට රටදැය පාවා නොදෙනු…
පාවා දෙන එවුන් මුණට කෙල ගසනු…
කසයෙන් තලා හිස පළදා කටු ඔටුනු….
ජනයා අබිමුවෙි උන් නිරැවත් කරනු….

රජෙකුගේ වුවත් වරදට කෑ මොර ගසනු…
මොරදෙන මුවෙහි ලන මි පැණි ඉවතලනු..
නිවරදි කරනු බැරි රජු නෙරපා හරිනු….
වරදට කිපෙනු සටනට වැද ජය ලබනු….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!