Gossip

කොළඹ නගර සභාව සති දෙකකට වැසේ… රෝසි සේනානායක ඇතුළු මන්ත‍්‍රීවරු PCR පරීක්ෂණයට..

කොළඹට ළඟා වූ මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කොරෝනා රැල්ල පසුගිය (15 වැනිදා කොළඹ නගර සභාවට ද ඇතුළුවීම නිසා නගර සභාව ඊයේ (16දා සිට සති දෙකකට මහජනතාව සඳහා වසාදමා ඇති අතර නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ඇතුළු සියලූම මන්ත්‍රීවරුන් ඊයේ (16දා පීසීආර් පරීක්‍ෂණයකට යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇත.
කොළඹ නගර සභාවේ පුණ්‍ය කොමසාරිස් කාර්යාලයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ කළමනාකාර සහකාරවරියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පසුගිය (15දා වාර්තා වීම ඊට හේතු වී ඇත. ආසාදිත සේවිකාව ඇසුරු කළ සමීපතමයන් 80 දෙනකුට ඊයේ පීසීආර් පරීක්‍ෂණ සිදු කර තිබුණු අතර තවත් ආශි‍්‍රතයන් 110 දෙනකුට අද පීසීආර් පරීක්‍ෂණ සිදුකිරීමට නියමිතය.
ආසාදිත සේවිකාව පසුගිය (14 වැනිදා) නගරාධිපතිනියගේ ප‍්‍රධානත්වයෙන් පැවති කොළඹ මහ නගර සභාවේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමට සහභාගී වී තිබීම හේතුවෙන් මෙසේ නගරාධිපතිනිය හා මන්ත‍්‍රීවරුන්ට පීසීආර් පරීක්‍ෂණ කිරීමට සිදුව ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!