Gossip

මිරිස්සේ ‘Coconut Tree Hill’ ඉඩමේ වැටක් බැඳෙන්න හේතුව මෙන්න..

මිරිස්සේ ‘Coconut Tree Hill’ නමින් ලොව පුරා සුප්‍රසිද්ධ ස්ථානය හරහා වැටක් ඉදිවන බව වාර්තා වෙනවා. මෙම ස්ථානයේ  පුද්ගලික ඉඩමකට අයත් භුමි ප්‍රදේශයක් පවතින බව අනාවරණය කර තිබෙනවා.
මේ අනුව අදාල ඉඩම් හිමියා විසින් තමන් සතු ඉඩම වටා මෙලෙස වැටක් ඉදිකර තිබෙනවා. ආරංචි මාර්ග සදහන් කරන්නේ  සංචාරකයින් සඳහා ස්ථානයට ප්‍රවේශ විය හැකි ආකාරයට  එම වැට ඉදිකර ඇති බවයි.
මෙම සම්පූර්ණ ඉඩම පුද්ගලයන් දෙදෙනෙකුගේ හිමිකාරීත්වයට යටතේ පවතිනවා.
එයින් එක් කොටසක් මිරිස්සේ ප්‍රසිද්ධ හෝටල් හිමියෙකු වන අතර ඔහු විසින් මෙම ඉඩමේ ඔහුට අයත් නොවන කොටසක සිදුකර තිබු වගා කිරීමක් හේතුවෙන් ඇති වූ පෞද්ගලික ආරවුලක් මත මෙලෙස මෙම කොන්ක්‍රීට් කණු සිටුවා තිබෙන බවයි..
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!