Gossip

ඕස්ට්‍රේලියාවේ ළාබාල දැරියන් සිව්දෙනෙක් දූෂණය කළ ශ්‍රී ලාංකිකයෙකු එරට පොලිසියට මාට්ටු

ඕස්ට්‍රේලියාවේ වාසය කරන 62 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු එරට බාලවයස්කාර දැරියන් සිව්දෙනෙකු දූෂණය කර ඇති නිසා එරට පොලිසිය මගින් එම ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා වාසය කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවරයි.

සුනිල් බටගොඩ නම් එම පුද්ගලයා මීට වසරකට ඉහතදී කැන්බරා නුවර බස් නැවතුම්පළක රැඳී සිට පාසල් යන වයසේ පසුවන එනම් වයස 14-15 වන වයස්වල දැරියන් මිතුරු කරගෙන තිබෙන අතර පසුව ඔවුන්ට මුදල් හා තෑගි ආදිය දෙමින් ඔවුන් වරින්වර සිය නිවසට ගෙන්වා ගැනීමට පුරුදුවී තිබෙන බව පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.

අදාළ දැරියන් සුනිල්ගේ නිවසට ගෙන්වා ගැනීමෙන් අනතුරුව ඔවුන්ට ඇල්කොහොල්, මර්ජුවානා ආදිය දී මත්වූ පසුව ඔවුන් දූෂණය කර තිබෙනවා. මොහු කළක් තිස්සේ මෙම ක්‍රියාව සිදු කර ඇති බවටද වාර්තා වනවා.

අදාළ දැරියන් දූෂණය කරන අවස්ථා එම පුද්ගලයා විසින් වීඩියෝ කරගෙනද ඇති අතර පසුගිය දිනෙක අදාළ වීඩියෝ සහ ඡායාරූප ෆේස්බුක් ඔස්සේ හුවමාරු වන බව දුටු දැරියකගේ පියෙකු එහි සිටින්නේ තම දියණිය හා වයෝවෘද්ධ පුද්ගලයෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

අනතුරුව ඒ පිලිබඳ දියණියගෙන් විමසීමක් කර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට දැනුම්දීමෙන් පසු මොහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සුනිල් බටගොඩ නම් පුද්ගලයාගේ නිවස පරීක්ෂා කිරීමේදී ළාබාල දැරියන් සිව්දෙනා අවස්ථා ගණනාවකදී ඔහු අතින් දූෂණය වන ආකාරය අඩංගු වීඩියෝ සාක්ෂි සොයාගැනීමට කැන්බරා පොලිසියට හැකිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම දැරියන් සිව්දෙනාම ඕස්ට්‍රේලියානු ජාතික දැරියන් වන බවත් අනාවරණය වී තිබෙනවා.

සුනිල් බටගොඩ නම් එම පුද්ගලයා ඕස්ට්‍රේලියානු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන වසරේ පෙබරවාරි 19 වන දිනතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර එදිනට ඔහුට ලැබෙන දඬුවම තීරණය කෙරෙන බවයි වාර්තා වන්නේ.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!