Gossip News

බස් රථ තුල ගමන්ගන්නා මගී හිතවතුන් සඳහා උපදෙස්.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ තුල ගමන්ගන්නා මගී හිතවතුන් සඳහා උපදෙස්.

* බස් රථයේ ගමන් ගැනීමෙන් අනතුරුව රාජකාරී ස්ථානයට හෝ නිවසට යන ඔබ පොදු භාණ්ඩ හෝ ස්ථාන ස්පර්ශ කිරීමට පෙර අනිවාර්යෙන්ම දෙඅත් සබන් හෝ හෑන්ඩ් ජෙල් මගින් හොඳින් සෝදා ගත යුතුය.

* බස් රථය තුලදී මෙන්ම ඕනෑම පොදු ස්ථානයකදී කැස්ස සහ කිවිසුම් යාමේදී මුඛය සහ නාසය ඔබගේ අත වැලමිටෙන් නවා ඇඳුමේ වැලමිට ප්‍රදේශයෙන් ආවරණය කරගැනීම හෝ ලේන්සු, ටිෂූ කඩදාසි වලින් ආවරණය කර ගත යුතුය. භාවිතයෙන් පසු ටිෂූ කඩදාසිය ක්‍රමානුකූලව ඉවත දැමිය යුතුය.

* බස් රථයේ ගමන් ගැනීමෙදී හෝ ගමන් ගැනීමෙන් පසු නොසේදූ අත්වලින් කිසිවිටෙක මුහුණ කට නාසය හෝ ඇස් ස්පර්ශ නොකළ යුතුය.

* බස් නැවතුම්පලවල් වල හා පොදු ස්ථානවල නිකරුණේ ගැවසීමෙන් වැලකී සිටිය යුතු අතර සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස වැනි රෝගී ලක්ෂණ පෙන්වන්නන් ගැන සැලකිලිමත් විය යුතුය.

* බස් රථ වලට පැමිණෙන යාචකයන් හෝ ආධාර එකතු කරන්නන් ලබාදෙන විවිධ පත්‍රිකා කැබලි පොත්පත් වැනි දෑ ලබා නොගතයුතු අතර බස් රථ වල විකුණන ආහාර පරිභෝජනය නොකල යුතුය.

* ප්‍රධාන බස් නැවතුම්පලවල් තුල ස්ථාපිත කර ඇති අත් සේදීමේ ස්ථාන වලින් නිරතුරුව දෑත් පිරිසිඳු කරගැනීම කලයුතුය.

* ශ්‍රී ලංගම බස් රථයක ගමන්ගන්නා සෑම අවස්ථාවකම තම ගමනාන්තයට සරිලන මුදල් ගෙවූ පසු ප්‍රවේශපතක් අනිවාර්යයෙන්ම ලබාගැනීමට සිහිතබා ගන්න. ඔබ මෙන්ම අන් සියලු මගීන්ගේ එදිනෙදා ගමන්මග පිළිබඳ තොරතුරු සම්බන්දව අවධානයෙන් සිටින යුතු මෙවන් අවස්ථාවකදී එය ජාතික යුතුකමකි.

* එමෙන්ම ශ්‍රී ලංගම බස් රථ වල සුපුරුදු පරිදි ගමන් ගැනීමට කිසිඳු අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසත් සෑම ගමන් වාරයකටම පසු සම්පූර්ණ බස් රථය නිරෝධායනය කරන බවත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය දන්වා සිටී.

ඔබගේ ආරක්ශාවත් රටේ ආරක්ශාවත් සඳහා නිරතුරුවම ඉහත සඳහන් පිළිවෙත් අනුගමනය කරන ලෙසත් ඒ සඳහා කොන්දොස්තර මහතුන් සහ රියදුරු මහතුන් වෙත ඔබගේ සහයෝගය ලබාදෙන ලෙසත් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

මාධ්‍ය අංශය – ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!