Gossip

වාහන ගන්න දැන් මහන්සි වෙන්න ඕන නෑ – අලුත්ම ක්‍රමය මෙන්න

1

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ‘ඊ මෝටරින් ව්‍යාපෘතිය’ නිමැවුම් කර, ක්‍රියාත්මක කොට භාර දීමේ (Build, Operate and Transfer) ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහා විද්‍යුත් ලිපිගොනු කළමනාකරණ පද්ධතියක් සකස් කරගැනීම, එහි වර්තමානයේ ක්‍රියාත්මකවන වාහන ලියාපදිංචි කිරීමේ පද්ධතිය හා දත්ත පද්ධතිය වැඩිදියුණු කිරීම සහ සන්නිවේදන ජාලය වැඩිදියුණු කිරීම යන මූලිකාංග තුනක් (03) යටතේ ඉහත ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කෙරේ.

ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි, මෙම ‘ඊ මෝටරින් ව්‍යාපෘතිය’ නිමැවුම් කර, ක්‍රියාත්මක කොට භාර දීමේ (Build, Operate and Transfer) ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!