Gossip

ඇලයාපත්තුවෙන් බුදුන්ගේ ශ්‍රී පාදයක් මතුවෙයි

cvr

සිරිපතුලට සමාන හැඩයෙන් යුක්‌ත ගලින් නිර්මාණය කළ කැටයම් සහිත පුවරුවක්‌ ඇලයාපත්තුව මානින්ගමුව කුඩාහල්මිල්ලෑව ගම්මානයේ නිවසක ගෙමිදුලකින් පසුගියදා (10 දා) මතුවීම හේතුවෙන් එය දැක බලාගෙන වන්දනාමාන කිරීම සඳහා විශාල පිරිසක්‌ එම නිවසට පැමිණෙමින් සිටිති.

අඩි දෙකහමාරක්‌ දිගැති අඩි දෙකක්‌ පළල අඟල් හයක උසකින් යුත් මෙම ගල් පුවරුව කුඩා හල්මිල්ලෑව ගමේ එම්. ඒ. ගයාන් ළහිරු සම්පත් මහතාගේ නිවස පිහිටි භූමියෙන් මතුව තිබේ.

ඒ පිළිබඳව අප වෙත අදහස්‌ දැක්‌වූ ළහිරු සම්පත් මහතා, දරුවන්ට සෙල්ලම් කිරීම සඳහා නිවස ඉදිරිපිට ඔන්චිල්ලාවක්‌ සාදා දුන්නා. දරුවන් ඔන්චිල්ලා පදින විට පය බිම ඇතිල්ලී ගලක කොටසක්‌ මතු වුණා. පසුව දරුවන් එම ගලෙහි හැපී වැටෙන නිසා මා උදැල්ලක්‌ රැගෙනවිත් එය ඉවත් කිරීමට හැදුවත් උදැල්ලට විශාල බරක්‌ දැනුණා. පසුව ලොකු අප්පච්චී සමඟ එක්‌ව හාරා බලන විට එය විශාල ප්‍රමාණයේ ගලක්‌ බව දැනුණා. එය ගොඩට ගෙන මඩ සෝදා හරින විට එම ගලෙහි කැටයම ශ්‍රී පතුලට සමාන බව තේරුම් ගියා. ශ්‍රී පතුලට සමාන කැටයම් දෙකක්‌ එම ගලෙහි පිහිටා තිබුණා. පසුව මේ පිළිබඳ අප ග්‍රාම නිලධාරි මහතා දැනුවත් කළා. මෙම පුවත සැලවීමත් සමඟ අවට ගම්මාන රැසක දහස්‌ ගණනක ජනතාව අපේ නිවසට පැමිණ මෙම පුරාවස්‌තුව වැඳ පුදා ගන්නවා.”

මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ කුඩා හල්මිල්ලෑව ශ්‍රී ස්‌වර්ණමාලි දහම් පාසලේ ප්‍රධානාචාරිනී ඒ. ප්‍රේමවතී මහත්මිය, කුඩා හල්මිල්ලෑව කියන්නේ පුරාතනයේ රහතන් වහන්සේලා වැඩ සිටිය ගම්මානයක්‌. සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ශ්‍රී මහා බෝධිය රැගෙන යන අතරවාරයේ තන්තිරිමලේදී නවාතැන් ගත් අවස්‌ථාවේදී ගිලන්පස ගැනීම සඳහා මේ ගමට වැඩි බව පුරාණ කතාවල සඳහන් වෙනවා. අනුරාධපුරයේ සිට කි. මී. 27 ක්‌ පමණ දුරින් පිහිටා තිබෙන මෙම ගම්මානයේ මෙවැනි පුරාවස්‌තු බොහෝමයක්‌ තිබෙන්නට පුළුවන්. අදාළ බලධාරීන්ගෙන් අප ඉල්ලා සිටින්නේ මෙම ගම්මානයට ආරක්‍ෂාව ලබාදෙන්න කියලා.

අප මේ පිළිබඳව අනුරාධපුර සහකාර පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ දිසානායක මහතාගෙන් විමසීමක්‌ කළ අතර ඒ මහතා සඳහන් කළේ ඒ පිළිබඳව තමාට ද තොරතුරු ලැබුණු බවත් ඒ පිළිබඳව වාර්තාවක්‌ ලබාගැනීම සඳහා පුරාවිද්‍යා ගවේෂණ නිලධාරීන් කණ්‌ඩායමක්‌ එම ස්‌ථානයට යෑවීමට කටයුතු කර ඇති බවය.

22

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!