Gossip

වෙස් වලාගෙන ඇවිත් බප්පාගේ සල්ලි කොල්ලකෑ කෙල්ල (වීඩියෝ)

11

 

මුහුණ ආවරණය කරගෙන ගොස් පාරේ ගමන් කරමින් සිටි තම බාප්පාගේ බෙල්ලට පිහියෙන් ඇන මුදල් මංකොල්ල කෑ තරුණියක් ලුහුබැඳ ගොස් අල්ලා ගැනීමට හැකි වී තිබෙනවා.

මව විසින් තම බාප්පාට සහ පුංචි අම්මාට එවන ලද මුදල් ඇය විසින් මෙසේ මංකොල්ලාකා ඇති බව  පරීක්ෂණ වලින් හෙළි වී තිබෙනවා

සෞදි අරාබියේ ගෘහ සේවයේ යෙදී සිටින තම සොහොයුරිය සහ සොහොයුරියගේ ස්වාමියා විසින් හැටන් නගරයේ පෞද්ගලික බැංකුවට බැර කරන ලද රුපියල් එක්ලක්‍ෂ හතලිස්අටදහක මුදලක් බැංකුවෙන් රැගෙන හැටන් නගරය කරා පැමිණෙමින් සිටියෙදි පිටි පසින් පැමිණි අබායක් ඇදගත් කාන්තාවක විසින් තම ස්වාමියාගේ බෙල්ලට පිහියකින් ඇණ තමාවද තල්ලුකර දමා මුදල් පසුමිබිය පැහැරගෙන ගිය බවටයි හැටන් පොලිසියට පැමිණිලි කර තිබුණේ.

ඊයේ (26) දහවල් 12.30 ට පමණ මෙම මංකොල්ලය සිදුවිමත් සමගම මුදල් රැගෙන පලා යන සැකකරුවෙකු දැක පොලීසිය විසින් පසු පස  ලුහුබැද ගොස් අත්අඩංගුවට ගෙන පරික්‍ෂා කිරීමේදී  කාන්තාවක් බව  පොලීසියට රැගෙනවිත් ප්‍රශ්න කිරීමේදී ඇය අදාළ සිද්ධියේ ඥාතී දියණි‍ය බවද හෙළි වී තිබෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!