Gossip

ගේල්-තිසර සටන දිනුවේ මෙහෙමයි

බංග්ලාදේශයේ පැවැත්වෙන බී.පී.එල්. විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම සහ රාංපූර් රයිඩර්ස් කණ්ඩායම අතර ඩකාහිදී පැවැති තරගයෙන් ලකුණු 3 ක තියුණු ජයක් අත්කර ගැනීමට රාංපූර් රයිඩර්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 143 ක ඉලක්කයක් හඹා ගිය ඩකා ඩයිනමයිට්ස් පිතිකරුවන්ට රාංපූර් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 139 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ තිසර පෙරේරා ඉනිමේ අවසන් ඕවරය ලකුණු 6 කට සීමා කරමින් ඩකා පිතිකරුවන්ට ජයග්‍රහණය කරා යෑමට තිබූ අවස්ථාව අහිමි කළේය.

එහිදී ලකුණු 37 කට කඩුලු 2 ක් දවාගැනීමට තිසර පෙරේරා සමත් වූ අතර නායක මෂ්රෆී මොටාසා, සොහාග් ගාසි සහ රුබෙල් හුසේන් කඩුලු 2 බැගින් දවාගනිමින් රාංපූර් රයිඩර්ස් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා දායකත්වය සැපයූහ. සිය ඕවර 4 ලකුණු 20 කට සීමා කළ ලසිත් මාලිංගට දවාගත හැකි වූයේ එක් කඩුල්ලක් පමණි.

ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ ජහුරුල් ඉස්ලාම් පන්දු 19 කදී ලකුණු 29 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගිනි. ආරම්භක පිතිකරු එවින් ලුවිස් පන්දු 25 කදී හයේ පහර 3 ක් සමග ලකුණු 28 ක්ද, සහීඞ් අෆ්රිඩි පන්දු 15 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 21 ක්ද රැස්කිරීමට සමත් වුවත්, ඩකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට ඔවුහු අසමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් රාංපූර් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් පන්දු 28 කදී ලකුණු 51 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි. මොහොමඞ් මිතුන් හතරේ පහරක් සමගින් ලකුණු 28 ක්ද, තිසර පෙරේරා හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 15 ක්ද රැස්කරමින් රාංපූර් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ සකීබ් අල් හසන් ලකුණු 16 කට කඩුලු 5 ක් දවාගනිමින් රාංපූර් පිතිකරුවන් අසරණ තත්ත්වයකට ඇද දැමීය.

 

රාංපූර් රයිඩර්ස් පිල – ඕවර 19.5 කදී සියලු දෙනා දැවී 142
(ක්‍රිස් ගේල් 51, මොහොමඞ් මිතුන් 22, තිසර පෙරේරා 15, මෂ්රෆී මොටාසා 15, සකීබ් අල් හසන් 16/5, සහීඞ් අෆ්රිඩි 39/2)

ඩකා ඩයිනමයිට්ස් පිල – ඕවර 20 කදී සියලු දෙනා දැවී 139
(එවින් ලුවිස් 28, ජහුරුල් ඉස්ලාම් 29, මෙහෙදි හසන් 15, සහීඞ් අෆ්රිඩි 21, සොහාග් ගාසි 18/2, රුබෙල් හුසේන් 29/2, මෂ්රෆී මොටාසා 30/2, තිසර පෙරේරා 37/2)

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!