Gossip

කලු කොන්ඩේ හරිම boring කියලද හිතන්නේ?

තරුණ වයසේ ඉන්න කෙල්ලෝ විදිහට අපි මාර interested නේ එනඑන trend එකේ styles කරන්න. styles ගැන කතාකරනකොට අපි වැඩිපුරම උත්සහ කරන්නේ අපේ කොන්ඩේට අලුත් style එකක් කරලා වෙනස් කරගන්න. හැබැයි ඉතින් කොන්ඩේ වෙනස් කරගන්න කලින් නම් දෙපාරක් හිතලා බලන්න වෙනවා.
මොකද අපි මේ වෙනස් කරගන්න හදන්නේ අපිට උපතින්ම ලැබුන කොන්ඩේ.

අපි මේ කොන්ඩේ අපේ හිතේ කැමැත්තට වෙනස් කරගත්තට පස්සේ ඒක අපිට ගැලපුනේ නැත්නම් ආයෙත් තිබුන කොන්ඩේ ලබාගන්න එකනම් එච්චර ලේසි පහසු දෙයක් නෙවෙයි.

Asian country එකක ජීවත්වෙන අපිට උපතින්ම ලැබෙන්නේ කලුපාට කොන්ඩයක්. හැමෝටම කලුකොණ්ඩයක් ලැබිලා තියෙන හින්දද කොහෙද හැමෝටම ඕනේවෙන්නේ bleach කරලා color කරලා කොන්ඩේ වෙනස් කරගන්න. හැබැයි bleach කරලා color කරලා අපි නැතිකරගන්නේ අපේ අනන්යතාවය වගේම අපිට ලැබිලා තියෙන හොඳම කොන්ඩේ.

ඔයාලම හිතලා බලන්නකෝ අපි කලුපාට ඇදුම් සපත්තු වගේ දේවල්වලට කොච්චර කැමතියිද කියලා. Parties වලට යනකොට black dress එකක් ඇඳලා ඒකටම හරියන්න accessories දාල make up කරලා යනකොට තියෙන ලස්සන ගැන ආයේ කතා කරලා වැඩක් නෑනේ. හැබැයි ඉතින් මෙච්චර black වලට කැමති ඔයාලා හිතන්නෙම ලැබිලා තියෙන කලුකොන්ඩේ color කරලා bleach කරලා වෙනස් කරගන්න.

ඔයාලා black කියන්නේ මාර fashionable color එකක් කියලා පිළිගන්න නිසානේ black color එකෙන් fashion කරන්නේ. එහෙනම් ඉතිං කළුකොණ්ඩයක් ලැබෙනවා කියන්නේ කොච්චර ලොකු දෙයක්ද? මොකද කිසිම මහන්සියක් නැතුව අපිට ස්භාවිකවම ලැබිලා තියෙන්නේ කළු කොන්ඩයක්. ඉතින් අපිට ලැබුන මේ කලුකොන්ඩේ boring කියන අදහස ඔලුවෙන් අයින් කරගෙන ඔයාට පුළුවන්නම් ඔයාගේ කළු කොන්ඩේ enjoy කරන්න, ඇත්තටම ඔයාට ආස හිතෙයි. එතකොට ඔයාලටම තේරෙයි කොන්ඩේ color කරලා වෙනස් කරගන්නවට වඩා තියෙන කළුකොන්ඩේ හොඳට බලාගන්න එක කොච්චර හොඳයිද කියලා.

ඒ වගේම තමයි අපේ කොන්ඩේ හොඳ shine එකක් තියෙන කොන්ඩයක් කරගත්තොත් කලුකොන්ඩේ හරිම boring කියන අදහස ඔයාගේ ඔලුවෙන් නිකම්ම අයින් වෙලායයි. මොකද දවස පුරාම දිදුලන කලුකොන්ඩයක් කෙල්ලෙක්ට තියෙනවා කියන්නේ ආයේ ලස්සන වෙන්න කියලා කිසිම fashion එකක් එයාට අමුතුවෙන් කරන්න ඕනේ වෙන්නේ නැහැ. මොකද කොන්ඩේ විතරක් නෙවෙයි shine එක නිසා ලස්සන වෙන ඔයාගේ කොන්ඩේ ඔයාවත් සම්පුර්ණයෙන්ම ලස්සන කරනවා. ඉතින් උපතින්ම ලැබුන කලුකොන්ඩේ හොඳ shine එකක් තියෙන කොන්ඩයක් කරගෙන ඔයාටත් පුළුවන් මහන්සියක් නැතුවම ඕනෙම කෙනෙක්ට දෙපාරක් හැරිලා බලන්න හිතෙන ලස්සනක් තියෙන කෙල්ලෙක් වෙන්න

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!