Gossip

හෝටලයක ‌වෙරෙන්ඩාවට ඉරු උදාව බලන්න ආව අපූරු අමුත්තා..වීඩියෝ

නිව් හැම්ප්ෂයර් හී ඔමිනි මවුන්ට් රිසෝට් වලින් තමයි අපිට මේ අපූරු අමුත්තා ගැන අහන්න ලැබෙන්නේ. එම හෝටලයේ වැඩ කරන සෑම් ගිසාම්ට අවශ්‍ය වෙලා තියෙනවා හිරු උදාවෙන ආකාරය ඡායාරූපයකට ගන්න. ඔහු එම ඡායාරූපය ගන්න යන අවස්ථාවේ කළු වලසෙකු වෙරෙන්ඩා පිටියේ බැම්ම අල්ලගන පිටත බලා සිටිනවා ඔහු දකිනවා.ඔහු ඒ විගසම වලහා ඡයාරූප ගතකරලා තියෙනවා.

වලහා කුණු කූඩයක් සොයමින් පඩිපෙළ නැග ගොස් තිබෙනවා. සෑම් හයියෙන් අත්පුඩියක් ගසා වලහාව පන්නා දමන්න කටයුතු කරලා තියෙනවා.

නිව් හැම්ප්ෂයර් කියන්නේ වලසුන් විශාල වශයෙන් ගැවසෙන තැනක්ලු.ඔවුන් නිවාස වලට, නිවාස සංකීර්ණ වලට බිම් කදවුරු වලට කිසිම බයක් සැකක් නැතිව ඇතුළු වෙනවා කියලා තමා වාර්තා වෙන්නේ.

බෙටන්ස් වුඩ් නැමති පුද්ගලයා මෙම ඡායාරූපය සමාජ ජාලාවට එක් කරමින් කියා මෙසේ කියා තිබෙනවා. “නිව් හැම්ප්ෂයර් හි වයිට් කඳුකරයට පැමිණෙන වෙනත් අමුත්තන් මෙන් වලසුන් ද හොඳ දර්ශනයක් භුක්ති විඳින බව පෙනේ ”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!