Gossip

බම්බලපිටියේදී ත්‍රීරෝද රථ රියදුරෙක් කාර් එක පැදවූ කාන්තාවට ලිංගික අවයව පෙන්නන්න හදලා – වීඩියෝ

කාන්තාවකට මහමගදී, පොදු ප්‍රවාහනයේදී සිදුවන හිරිහැර ගැන අප ඔබට අමුතුවෙන් කියන්න ඕන නෑනේ.

බස් එකක දුම්රියක යන කාන්තාවන්ට සමහර පිරිමින්ගෙන් සිදුවන හිරිහැර ගැන හැමෝම දන්නවා.

ඒත් මේ ගැන කතා කරන්න ගොඩක් අය ලැජ්ජයි. ඒක නිසා මේ දේවල් වැඩිය සමාජය ඇතුලේ කතාවෙන්නේ නෑ.

හැබැයි අපි මේ කියන්න හදන්නේ පොදු ප්‍රවාහනයේදී වුණ දෙයක්නම් නෙවෙයි. තමන්ගේ මෝටර් රථයක ගිය කාන්තාවකට බම්බලපිටිය ප්‍රදේශයේ වෙච්ච දෙයක් ගැනයි.

මේ කාන්තාව තමන්ගේ මෝටර් රථය විදුලි ආලෝක සංඥාවලදී නවත්වනකොට ත්‍රීරෝද රථ රියදුරෙක් කරපු දේවල් ඇය සිය දුරකතනයෙන් වීඩියෝ කර තිබුණා.

මේ එම සිද්ධිය ගැන ඇය කියූ කතාවයි.

මේ සිද්ධිය වුණේ බම්බලපිටිය ගාලු පාරේ දහවල් කාළයේදීයි. විදුලි ආලෝක සංඥාවලදී වාහනය නවත්වගෙන ඉන්නකොට ත්‍රීවීල් රියදුරෙක් හෝන් එක සද්දෙන් ගැහුවා. මම බැලුවේ නැති වුණාම එයා තවත් හයියෙන් හෝන් එක ගහන්න ගත්තා. විදුලි ආලෝක සංඥා වෙනස්වෙලා මම යන්න හදනකොට ත්‍රීවීල් එක මගේ වාහනයේ එහාපැත්තට ගෙනල්ලා මෙම ත්‍රීරෝද රථ රියැදුරා ඔහුගේ ලිංගික අවයව පෙන්වන්න උත්සහ කරමින් මගේ දුරකථන අංකය ඉල්ලා සිටියා. මම ඒක ගණන් ගන්නැතුව වාහනය ධාවනය කරන වෙලාවේදී ඔහු මගේ වාහනය පස්සෙන්ම ආවා.  මං වීඩියෝ කරන්න ගත්තා. ඊට පස්සේ ත්‍රීවිල් එකෙන් මගේ වාහනය හප්පන්න වගේ ආවා. ඔහු ඒ වෙලාවේ අශෝබන ආකාරයෙන් හැසිරෙන්න පටන් ගත්තා. මම බයවෙලා බම්බලපිටිය පොලිසිය පැත්තට වාහනය ධාවනය කරද්දි ඔහුට එ්ක තේරිලා වෙනත් මාර්ගයකට ත්‍රීරෝද රථය හැරෙව්වා.

මේ එම වීඩියෝවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!