Gossip News

අයහපත් කාලගුණය ජීවිතයක් උදුරාගනී.. පවුල් 1475 කට පීඩා.. – රටම කළඹමින් අයහපත් කාලගුණය සිදුකළ විනාශයක තරම මෙන්න

අද(24) දිනයේත් දිවයිනේ බොහෝ පළාත්වලට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200ට වැඩි තද වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

වයඹ, උතුර, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට ද මිලිමීටර් 100ට වැඩි වර්ෂාපතනයක් බලපාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර ඊයේ(23) දින පෙරවරු 8.30 යේ සිට අද අලුයම 3.30 දක්වා කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ගම්පහ දිස්ත්‍රික්කයේ කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

මිලිමීටර් 219ක වර්ෂාපතනයක් කටුනායකට ලැබී ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයේ වදුරඹ ප්‍රදේශයට මිලිමීටර් 175ක වර්ෂාපතනයක් සහ හියාරේ ප්‍රදේශයට මිලිමීටර් 172ක වර්ෂාපතනයක් පතිත වී ඇති බව වාර්තා වනවා.

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය හෙට(25) රාත්‍රිය කාලය දක්වා තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් අද(24) සහ හෙට(25) යන දෙදින වසා තැබිමට තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි.

මේ අතර වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක් පහක් සඳහා නායයෑම් පිළිබද පුර්ව අනතුරු ඇගවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පාර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා..

කළුතර, කැගල්ල, ගාල්ල, රත්නපුර සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා මෙම අනතුරු ඇගවීමේ නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් දැඩි නායයෑමේ අවදානමකට ලක්ව ඇති බැවින් ඒ පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙස ජාතික ගොඩනැඟිලි පාර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම් දෙයි.

මේ අතර ගංගා කිහිපයක ජල මට්ටම ද මේ වන විට ඉහළ ගොස් තිබේ.

නිල්වලා, ගිං සහ කළු යන ගංගා ආශ්රි්ත පහත්බිම්වල ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

නිල්වලා ගගේ පානදුගම ජල මිණුම් ස්ථානයේ ජල මට්ටම මහ ගංවතුර මට්ටම ඉක්මවා ඇති අතර ගිය ගගේ බද්දේගම සහ තවලම ජල මිණුම් ස්ථානවල ජල මට්ටම සුළු ගංවතුර මට්ටම ඉක්මවා තිබේ.

කළු ගගේ මිල්ලකන්ද ජල මිණුම් ස්ථානයේ ජල මට්ටම සුළු ගංවතුර මට්ටමක් දක්වා පැමිණ ඇති බවයි වාර්තා වෙයි.

මේ හේතුවෙන් මාතර කඩවත් සතර, තිහගොඩ, මාලිමබඩ, කඹුරුපිටිය, අතුරලිය, අකුරැස්ස, දෙවිනුවර, කිරින්ද පුහුල්වැල්ල, පස්ගොඩ පිටබැද්දර, වැලිගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල ජල ගැලීම් හටගෙන තිබේ.

ඊට අමතරව ගාල්ල, බද්දේගම, බෝපේ පෝද්දල, වැලිවිටිය දිවිතුර, නාගොඩ, නියාගම, තවලම, නෙලුව, අක්මීමන, යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල ද ජල ගැලීම් තත්ත්වයක් හටගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, බුලත්සිංහල, හොරණ, ඉංගිරිය, කළුතර, මදුරාවල, මිල්ලනිය, පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ද සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වෙයි.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක දෙකක පවුල් 1475කට අයත් පුද්ගලයින් 5539ක් මේ වන වට පීඩාවට පත්ව තිබේ.

ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල පවුල් මෙලෙස පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ වන විට එක් පුද්ගල මරණයක් වාර්තා වන අතර නිවාස 12කට පූර්ණ හානී සහ නිවාස 152කට අර්ධ හානී සිදුව තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!