Gossip

දින 40 ක් වයසැති සිඟිත්තාගේ ගෙල සිරකර ඝාතනය කළ මව

තමන් වැදූ දින 40 ක් වයසැති සිඟිති දරුවා ව රෙදි කැබැල්ලකින් ගෙල සිරකර ඝාතනය කළ මව 31 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මඩකලපුව මහෙස්ත‍්‍රාත් මහාධිකරණ විනිසුරු ඒ. සී. රිස්වාන් පෙරේදා (17) දා නියෝග කරන ලදී.

මඩකලපුව මූලස්ථාන පොලිස් බල ප‍්‍රදේශයේ වන්නියාර පාරේ නිවසක ළිඳකින් ජීවිතක්ෂයට පත්වූ දින 40 ක දරුවකුගේ සිරුරක් සොයාගත් බව මඩකලපුව මූලස්ථාන පොලිසිය පවසයි. උපත ලබා දින 40 ක් සම්පූර්ණ වූ කෝශනී දැරියගේ සිරුර මෙසේ සොයාගෙන ඇත.

අනතුරුව මඩකලපුව මූලස්ථාන පො.ප. එස්. හෙට්ටිආරච්චි මහතාගේ මඟපෙන්වීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති එස්. මොහොමඞ් මහතාගේ නායකත්වයෙන් යුත් පොලිස් කණ්ඩායම දැරියගේ මව අත්අඩංගුවට ගෙන විමර්ශනය කිරීමේදී දැරියව තමන් ඝාතනය කළ බවට මව පිළිගෙන ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!