Gossip

ලෝකයක් කතා කළ ලංකාවේ අලි පැටවා එලොව යයි (වීඩියෝ)

ලෝකයේ බොහෝදෙනෙකුගේ අවදානය යොමු වූ හම්බන්තොට වරායේ කානුවක වැටී සිටියදී ගොඩගෙන උඩවලව ඇත් අතුරු සෙවනේ ප්‍රතිකාර ලබමින් සිටි මාස හතරක් පමණ වූ අලි පැටියා ඊයේ (22) අලුයම පහට පමණ මියගොස් තිබේ.
මාස තුනක් පමණ වයසැති මෙම අලි පැටවා පසුගිය මස 29 වනදින හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින් හා වරාය ඉදිකිරීම් කටයුතු වල නිරතව සිටින සේවකයින්ගේ දැඩි පරිශ්‍රමයකින් පසුව බේරා ගනු ලැබීය.

කානුවක අවටි සිටි අලිපැටියා ගොඩට ගැනීමට හැකි වුවත් කාණුවේ සිරවීම නිසා පසුපස පාදයක් හා ශරීරයේ ඇතිවූ තුවාල නිසා පැටවා කැළයට මුදා නොහැර ප්‍රතිකාර සදහා උඩවලව ඇත් අතුරු සෙවනට රැගෙන යන ලදී.

පැටවා ගොඩගන්නා අවස්ථාවේ මවු ඇතින්නිය කීප අවස්තාවකදීම පැටවා සොයා එම ස්ථානයට පැමිණි අතර එම ප්‍රදේශයේ කීපදෙනෙකුම පැවසුවේ තවමත් පැටවා සොයා මවු ඇතින්නිය ප්‍රදේශයේ ඒ මේ අත ඇවිදින බවය.

කෙසේනමුත් කල විමසීමකදී උඩවලව ඇත් අතුරු සෙවනේ නිලධාරියෙකු පැවසුවේ පසුගිය 17 වනදා පටන් ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය වරයෙකු නොමැතිවීම නිසා අලි පැටියා හට නියමිත අන්දමින් ප්‍රතිකාර කිරීමට නොහැකි වූ බවයි.

උඩවලව ඇත් අතුරු සෙවනේ මේ වනවිට ප්‍රතිකාර කරනු ලබන්නේ එක පශු වෛද්‍ය නිලධාරි වරයෙකු වන අතර ඒ පශු වෛද්‍ය විජිත පෙරේරා වේ .ඔහු පසුගිය 17 වනදා සිට විදේශ ගතවීමක් සදහා නිවාඩු ලබා ඇති අතර ඔහු වෙනු වට වැඩ බැලීමට යොදා තිබු පශු වෛද්‍ය වරයාද අමාත්‍යාංශය මගින් අලියෙකු හට ප්‍රතිකාර කිරීමට යොදවන්නේ උඩවලව ඇත් අතුරු සෙවනේ සේවයට කිසිදු වෛද්‍ය වරයෙකු නොයෝදාය.

පසුගිය 18 වනදා සිට බඩයාම නිසා රෝගිවසිටි අලි පැටියා පසුගිය 20 වනදා උදෑසන සිට අසාධ්‍ය තත්වයට පත්වීමෙන් පසූ එහි නිලධාරින් ඒ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවට දන්වා යවා තිබේ. නමුත් ඒ සදහා නිලධාරින් ක්‍රියාත්මක නොවීම නිසා 21 වනදා අබිලිටිය පශු වෛද්‍ය කාර්යාලයේ නිලදිරියෙකු රැගෙන විත් අලිපැටියාහට ප්‍රතිකාර ලබා දී මට කටයුතු කලත් අලි පැටියාගේ ජීවිතය බෙරා ගැනීමට නොහැකි බව එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

මේ වනවිට උඩවලව ඇත් අතුරු සෙවනේ අධිකරණ නියෝග මත අලි පැටවුන් 14 දෙනෙක් හා පුනුරුත්තාපනය වන අලි පැටවුන් 45 ක් සිටි මේ තත්වය මත පැය විසි හතර පුරාම පශු වෛද්‍ය වරයෙකුගේ සේවය කුමන මොහොතක හෝ ඇවැසි උඩවලව ඇත් අතුරු සෙවනේ සේවයට යොදවා ඇත්තේ එක පශු වෛද්‍ය වරයෙක් පමණි.

අපිට ඇත්තටම තියෙන ප්‍රශ්නය තමයි මෙතන පශු වෛද්‍ය වරුන් නොමැතිවීම. අපි දිගින් දිගටම අවුරුදු ගානක බලධාරීන්ට කියලා තියෙනවා. මේකට පශු වෛද්‍ය වරුන් බදවා ගන්න කියලා නමුත් බලධාරීන් පශු වෛද්‍යවරුන් බදවා ගන්න එතරම් උනන්දුවක් නොකරන බව සමස්ත ලංකා පශු වෛද්‍ය වරුන්ගේ සංගමයේ ලේකම් පශු වෛද්‍ය සුහද ජයවර්ධන පවසයි .

මේ වන විට ලංකාවේම ඉන්නේ වනජීවී දෙපාර්තමේන්තුවට පශු වෛද්‍යවරුන් 9 දෙනක් විතර අපි කොතරම් වැඩකලත් මේ අලි පරපුරම බේර ගන්නත් බෑ. මොකද අනෙක් සත්තු ගැනත් හොයලා බලන්න ඕන ඇත් අතුරු සෙවනට විතරක් තවත් පශු වෛද්‍ය වරු දෙන්නෙක්වත් ඕන බව පශු වෛද්‍ය සුහද ජයවර්ධන පෙන්වා දෙයි.

උඩවලව ඇත් අතරු සෙවනේ මේ වනවිට අධිකරණ නියෝගමත මෙන්ම පුනුරුත්ථාපනය වෙමින් ප්‍රතිකාර සදහා අලි පැටවුන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. මේ සතුන්හට ප්‍රතිකාර කිරීමට විසි හතර පැයේම වෛද්‍ය වරයෙකුගේ සේවය අවශ්‍ය වෙනවා. මොකද සතුන් ලෙඩවෙන වේලාවන් අපි දන්නේ නැති නිසා. ඒ කාරනා ගැන සැලකිල්ලක් නොදක්වන නිසා මෙවැනි අලි මරණ ඇත් අතරු සෙවනේ සිදුවන බව සමස්ත ලංකා වනජීවී නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඒ එම් පි .පි අත්තනායක පෙන්වා දෙයි.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ පවතින අලි-මිනිස් ගැටුම හේතුවෙන් මේ වන විට අලි වන අලින් මුහුණ පා සිටින මේ තත්වය නිසා අහිංසක අලි පැටවෙකුගේ ජීවිතය අදින් කෙලවර විය. නමුත් මවු ඇතින්නිය තවමත් නැතිවූ තම පැටවා සොයා ඒ මේ අත යයි .ඇය අදට වැඩ හෙට මිනිසුන්ට වෛර කරනු නිසැකය.

1 2 3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!