Gossip

මාමේ මම හොඳින් ඉන්නවා එළියට එන්න බෑ – කඳවුරේ සිට මියගිය සෙබලා අන්තිමට කියූ කතාව

cvr

අවිස්‌සාවේල්ල කොස්‌ගම සාලාව ශ්‍රී ලංකා යුද හමුදා කඳවුරේ අවි ගබඩාව පුපුරා යැමෙන් මියගිය හමුදා සෙබළ ලාන්ස්‌ කෝප්‍රල් ජානක චමින්ද කත්‍රිආරච්චි මොනරාගල බුත්තල මැදගම ගම්මානයේ පදිංචි හතළිස්‌ හැවිරිදි දෙදරු පියෙකි.

මීට විසිවසරකට පෙර ආධුනික සෙබළකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවා බළකායේ පොදු ප්‍රවාහන බළඝණයට ආධුනික සෙබළෙකු ලෙස එක්‌ව ඇති ජානක චමින්ද වසර ගණනාවක්‌ උතුර – නැගෙනහිර ක්‍රියාන්විත රාජකාරියේ ද නිරතව සිටි අයෙකි.

කේ. ඒ. සිරිසේන, එච්. එම්. චන්ද්‍රවතී දෙපළට කුළුදුල් දරුවා ලෙස උපන් චමින්දට බාල සහෝදරයන් දෙදෙනකු සහ එක්‌ සහෝදරියක්‌ ද සිටිති. වැඩිමහල් සහෝදරයා යුද හමුදා සෙබළකු ලෙස ද අනෙක්‌ බාල සහෝදරයා ද සිවිල් ආරක්‍ෂක සේවයේ සෙබළකු ලෙස ද සේවය කරති. නැගණිය ද විවාහ වී සිට ඇත්තේ සිවිල් ආරක්‍ෂක සේවයේ නිරතව සිටි අයකු සමඟ වන අතර ඔහු කොටි ත්‍රස්‌තවාදීන් විසින් රාජකාරියේ යෙදී සිටියදී ඝාතනය වී තිබේ.

තව අවුරුදු දෙකකින් යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමට සිටි හෙතෙම අවසාන වරට නිවසට පැමිණ ඇත්තේ අප්‍රේල් මාසයේ 26 වැනි දිනදීය. ඒ තම දියණිය වූ අවින්දි හේමාණිගේ මල්වර මංගල්‍ය උත්සවයට සහභාගි වීම සඳහාය.

දිනකට වරක්‌ වත් තම බිරිඳට දියණියට හා පුතුනුවන්ට දුරකථනයෙන් කතා කරන ජානක චමින්ද ජුනි 5 වැනි දින ද කතා කර 6 වැනිදා නිවාඩුවට නිවසට එන බව දැනුම්දී ඇත.තවද ඔහු පිපිරිම සිදුවන අවස්ථාවේ දුරකතනයෙන් සිය මාමාට මෙලෙස පවසා තිබෙනවා.

“මාමේ මම හොඳින් ඉන්නවා එළියට එන්න බෑ පතුරොම් ගබඩාව පුපුරලා කෑලි විසිවෙනවා. ඔන්න අයින් වෙන්න කෑලි එනවා”

මා එම නිවසට යන විට මැදගම හා අවට ගම්වාසීහු විශාල පිරිසක්‌ එහි පැමිණ සිටියහ. ඔවුන් සෑම දෙනා පැවසුවේ ජානක චමින්දගේ පවුලේ සැම අසල්වැසියන් කා සමඟත් ඉතාමත් ලෙන්ගතුව කටයුතු කළ පිරිසක්‌ බවයි. නිවාඩුවට පැමිණෙන චමින්ද සෑම ගෙදරකටම ගොඩවැදී සුවදුක්‌ විමසීමට අමතක නොකරන බවද ඔවුහු සඳහන් කළහ.

 

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!