Gossip

අවසන් තත්පරයේදී මාලිංග අසේලට කියපු දේ ගැන අසේල හෙළිකරයි

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා විස්සයි විස්ස තරඟාවලියේ දෙවන දිනය ගැන තවමත් කථාවෙනවා.

දෙවන දිනය නිමාවී දවස් දෙකක් ගෙවුනත් හැමෝම කථා වෙන්නේ අසේල ගුණරත්න ගැන.

කෙහොම වුනත් මේ තරඟයේ අවසන් ඕවරයේදී කුලසේකරගේ දැවීයාමත් සමග පිටියට ආවේ ලසිත් මාලිංග. මාලිංග පිටියට ආපු ගමන් අසේලගේ පිටට තට්ටු කරලා කතාවක් කිවුවා. මාලිංග අසේලට මොකද්ද ඇත්තටම කිවුවේ.

අසේල මේ ගැන මාධ්‍යට කරුණු කියලා තියෙනවා.

මාලිංග අයියා කඩුල්ලට ඇවිත් කීවේ දුවන්නේ නැතිව ලොකු පහරවල්වලට ගිහින් තරගය දිනවන්න කියලා. ඔහු හැමවිටම මට ලොකු දිරියක් ලබා දුන්නා, ඇත්තටම මගේ සැලසුම වුණේ ඒ වෙලාවේ තිබුණු ඉලක්කය අනුව 19 වැනි ඕවරයේදී ලකුණු 20ක් ලබාගැනීම. 6 පහර 3ක් හා 4 පහරක් සමග ලකුණු 22ක්ම ලැබිම නිසා අවසන් ඕවරයට යාමේදී එය වඩාත් සැහැල්ලුක් වුණා. කොහොම වුණත් තරගයේ ජය වගේම ඔස්ට්‍රේලියාවේදී තරගාවලියේදී ජයක් ලැබිමත් ලොකු සතුටක්, කපුගෙදර එක්ක හයවැනි කඩුල්ලට හොඳ සබඳතාවයක් තියන්න ඕවර වැඩිපුර ගාණක් කඩුල්‍ලේ රැඳී ඉන්න අපි කල්පනා කළා. විශේෂයෙන් මෙම තරග දෙකේම ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු ඉහළ ප්‍රතිචාරය අපිට ලොකු ශක්තියක් වුණා.

මාලි අයියා පිට්ටනියට එද්දි තිබ්බේ බෝල 5ට 14ක් ගහන්න, ආව ගමන් එයා මට කීවේ ඔයාට පුලුවන් මේක ගහන්න, බෝල මිස් වුණාට අවුලක් නෑ, තනියම ගහන්න, දුවන්න එපා කියලා. මාලි අයියා බෝලෙන් බෝලේ ඇවිත් කතා කලා, අන්තිම ලකුණු 3 තියෙද්දිත් ඇවිල්ලා කීවේ විකට් එක දෙන්න එපා පාර ගහන්න කියලා, එහෙම නැති වුනොත් මැච් එක අවුල් යයි කියලා, ඒ කීව දේවල් මට ලොකු හයියක් වුණා.

කෙහොම වුනත් තියුණු තරඟයකින් අනතුරුව ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ලබාගැනීමට හැකිවුණා.

ඒ වගේම තමයි අද දිනයේ පැවත්වෙන තෙවන තරඟයේත් අසේල ගුණරත්නට හැමෝගෙම වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!