හොලිවුඩ්

දුප්පතාගේ හිතවතා ටොරන්ට් ලොවේ රජ්ජුරුවෝ අත්අඩංගුවට ගනියි

දුප්පතාගේ හිතවතා ලෙස ප්‍රකට නාමයක් හිමිකරගෙන සිටින ටොරන්ට් පවුලේ එක් ප්‍රධාන සාමාජිකයෙකු වූ කික්ඈස් ටොරන්ට් එරට රජය විසින් තහනම් කරනු ලැබුවා.

මේ සමග එම වෙබ් අඩවියද තහනම්කර ඇත. අලුත්ම චිත්‍රපට, මෘදුකා‍ංග, ගීත ඇල්බම්, ගේම්ස් යනාදීන්ගේ මුල්කොපි කිසිදු ගාස්තුවකින් තොරව ඕනෑම කෙනෙක්ට මේ වෙබ් අඩවිය හරහා නොමිලේම බාගැනීමට අවකාශය ලැබිණි. ටොරන්ට් තාක්ෂණය හොද වැඩ වලට මෙන්ම නරක අතටද බාවිතාවීම නිසා එරට රජය විසින් කික්ඈස් ටොරන්ට් නිර්මාතෘ පෝලන්ත ජාතික Artem Vaulin මහතා ( වයස අ.වු.30 ) පරිගණක අපරාද පනතට පටහැනිව කටයුතු කිරීම නිසා අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේ වෙතත් http://kat.cr ඩොමේන් නාමය එරට රජය විසින් තහනම් කලත් පයිරේට්බේ ( pirate-bay ) නිසා වෙනත් ඩොමේන් නමකින් වෙබ් අඩවිය මේආකාරයට පැමිණිම වැළැක්විය නොහැකියි. තහනම් කරන විට ඇමරිකන් ඩොලර් බිලයනයකට ආසන්න වටිනාකමින් යුත් දත්ත මෙහි ඇතුලත්ව තිබූ බවට ප්‍රකාශ වේ.

1

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!