Gossip

හිමිනමක් කාමරයක හිරකරගෙන කාන්තාවක් එක්ක ෆොටෝ අරන්

 cvr

පසුගියදා තරුණ හිමිනමක් නිවසක සිරකර දමා පසුව පහරදී, උන්වහන්සේ සිටි කාමරයට කාන්තාවක් දමා ඡුායාරූප ගෙන ඒවා ප‍‍්‍රසිද්ධ කරන බව පවසා තර්ජනය කර ලක්ෂ 5ක මුදලක් කප්පම් ලෙස ලබාගන්නට උත්සාහ කළ පුද්ගලයෙකු පසුගියදා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී තිබෙනවා.

මිහින්තලේ ප‍‍්‍රදේශයේ නිවසකදී මෙම සිදුවීමට මුහුණ දී ඇති හිමිනම පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකර තිබෙනවා.

එමෙන්ම සිද්ධියට සම්බන්ධ වූ කාන්තාවක් ඇතුලූ‍ තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ක්‍‍්‍රියාත්මක කර තිබෙනවා. එමෙන්ම මෙම කප්පම්කරුවන් හිමිනමගෙන් රුපියල් 130,000ක පමණ මුදලක් මීට පෙර ලබාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

එලෙස ලබාගත් මුදල් මොවුන් පසුව බැංකු ගිණුම්වලටද බැරකර තිබෙනවා. දානමය පින්කමකට මෙම හිමිනම වැඩම කළ අවස්ථාවේ සැකකාර කප්පම්කරු විසින් හිමිනමගේ දුරකථන අංකය සහිත කොළ කැබැල්ලක් පෙර කී කාන්තාවට ලබා දී ඒ මාර්ගයෙන් හිමිනමට ඇමතුම් ලබා දී උදව් උපකාර ඉල්ලා තිබෙනවා.

එහිදී ඇය පවසා ඇත්තේ තමන් ඉතා අසරණව කාලය ගත කරන බවත් වියපත් වූ මව හා පියා රැුුකබලාගන්නට මුදල් අවශ්‍ය බවත්ය. ඇයගේ ඉල්ලීම ඉවත දමන්නට නොහැකි නිසා මෙම අසරණ පවුලට උදව් කරන අරමුණින් හිමිනම කාන්තාව කී නිවසට වැඩමකර තිබෙනවා.

උන්වහන්සේ මෙලෙස වැඩමකර ඇත්තේ යතුරපැදියකින් වන අතර ඒත් සමග පැමිණි අනෙක් පුද්ගලයාවද නිවසේ සිරකරගන්නට කප්පම්කරු කටයුතු කර තිබෙනවා. පසුව බලෙන්ම කාන්තාව හිමිනම සමÛ සිටින අයුරු දැක්වෙන ඡායරූප හා වීඩියෝ ලබාගත් මෙම පිරිසඒවා ප‍‍්‍රසිද්ධ නොකරන්නට නම් මුදල් අවශ්‍ය බව පවසා තිබෙනවා.

ඒ අනුව හිමිනම තමන් දන්නා හඳුනන කිහිපදෙනෙකුගෙන් මුදල් ඉල්ලාගෙන ඔවුන්ට ලබා දී පසුව පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙන අතර ඒ අනුව මේ වන විට පොලිසිය පරීක්ෂණ ක්‍‍්‍රියාත්මක කර තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!