Gossip

සාලාව අවි ගබඩාව පිපිරීයෑමට හේතු 3ක් අනුමාන කරයි

1

හිටපු උපකුලපති මහාචාර්ය සෙනෙවි එපිටවත්ත මහතා  පසුගිය දින සාලාව යුද හමුදා කඳවුරේ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් මාධ්‍ය වෙත අනාවරණය කර තිබෙනවා.

ඔහු දැක්වූ අදහස් පහතින් කියවන්න

“කරුණු තුනක්‌ අනුමාන කරන්න පුළුවන්. ආයුධ ගබඩා කිරීම පිළිබඳ තිබෙන මූලධර්මවලට අනුව මේ ආයුධ ගබඩාව සකස්‌කර තිබුණාද?. එසේ තිබුණා නම් ස්‌වාභාවික හේතූන් මත මෙවැන්නක්‌ සිදුවීමට ඉඩක්‌ නොමැති බවයි මගේ අදහසයි. ”

“කුමක්‌ හෝ හේතුවකින් ගින්නක්‌ ඇතිවුවහොත් එය ස්‌වයංක්‍රීයව නිවා  දැමෙන ක්‍රමවේදයකුත් තිබෙන්නට ඕනෑ.මෙවැනි ගින්නක්‌ නිවන්නට යොදාගත හැකි ප්‍රධානම දේ ජලය. මෙවැනි පිපිරීමක්‌ ඇරඹුණු වහාම විශාල ජල ටැංකි ස්‌වයංක්‍රීයව විවෘත වී ඒ ප්‍රදේශයම යට වන තරමට විශාල ජලගැල්මක්‌ ඇතිවී ගින්න නිවා දැමෙනවා. එවැනි ක්‍රමවේද මෙවැනි අවි ගබඩා ඇති ස්‌ථානවල ක්‍රියාත්මක විය යුතුයි.

මා දන්නා තරමට මේ උණ්‌ඩ පුපුරන ක්‍රමවේද දෙකක්‌ තිබෙනවා. පීඩනය වැඩිවන විට පුපුරා යන උණ්‌ඩ සහ උෂ්ණත්වය වැඩිවන විට පුපුරා යන උණ්‌ඩ. උෂ්ණත්වය හා පීඩනය අතර සමීප සම්බන්ධයක්‌ තිබෙන බවත් අපි දන්නා කාරණයක්‌. උෂ්ණත්වය වැඩිවන විට පීඩනය වැඩිවෙනවා වගේම පීඩනය වැඩිවන විට උෂ්ණත්වයත් වැඩිවෙනවා. පසුගිය කාලයේ සෙන්ටිග්‍රේඩ් අංශක 37 දක්‌වා වායුගෝලීය උෂ්ණත්වය වැඩිවුණා. මේ ගබඩාවල උෂ්ණත්ව පාලකයක්‌ නොතිබුණා නම් මෙවැන්නක්‌ සිදුවීමට ඇති ඉඩකඩ බැහැර කරන්න බෑ.”

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!