Gossip

ඔව් මම දැන් පෙම්වතියක් අපි ලබන අවුරුද්දේ විවාහ වෙනවා – අනූෂා දමයන්ති

රසික රසිකාවියන් වගේම බොහෝ මාධ්‍ය විටින් විට ඇගෙන් මේ ප්‍රශ්නය ඇහුවා. කව්ද ඔහු? මොනවද කරන්නේ? කවදද ඔබේ විවාහය? ඔබ දැන් පෙම්වතියක්‌ නේද? මේ ප්‍රශ්න පත්තරයෙන් ඇයට ගැලවීමක්‌ නොතිබුණේ ඇත්තටම ඇය ප්‍රේක්‌ෂක හදවත්වල නිරතුරුව රැඳුණු ඔවුන්ගේ ආදරය නොමදව දිනාගත් සිනමා තරුවක්‌ වීම නිසා. ඇය, ජනප්‍රිය නිළි අනුෂා දමයන්ති, මේ වෙද්දී සූදානම් මෙච්චරකල් හැමෝම ඇගෙන් අහපු මේ ප්‍රශ්නාවලියට පිළිතුරු ලබා දෙන්න…..

ආදරය හංගන්න බෑ නේ….

ඔව්….දැන් මං පෙම්වතියක්‌.

කවද විතරද මේ පෙම්වතිය බිරින්දෑ කෙනෙක්‌ වෙන්නේ?

ම්…. ලබන අවුරුද්දේ…..

ඔහු මේ ක්‌ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්‌ද?

ව්‍යාපාර ක්‌ෂේත්‍රයට සම්බන්ධයි කියලා කියමුකෝ අපි. ම්… ඔව් ඔහු ව්‍යාපාරිකයෙක්‌.

සැලසුම?

උදාවෙන ජනවාරි මාසේ ඉඳන් තමයි වැඩ ටික සැලසුම් කරගෙන කරන්න හිතාගෙන ඉන්නේ. මොකද මේ ටිකේ මගේ තියෙන වැඩ ටික කරලා ඉවරගන්න තමයි උත්සහ කරන්නේ.

විවාහයෙන් පස්‌සේ ගෙදරට වෙලා ඉන්න කියන යෝජනාව ඔහු කළේ නැද්ද?

නැහැ… කවදාවත් නෑ. ඔහු මගේ වෘත්තියට ආදරය කරන ගෞරව කරන කෙනෙක්‌. ඉතිං මං කැමති විදිහට මගේ වෘත්තීය කරගෙන යන්න කියලා තියෙනවා. මේ හිටියා වගේම මගේ කලා කටයුතු කරගෙන යන්න ඔහු අවසර දීලා තියෙනවා. මොකද ඔහු කලාවට ආදරෙයි.

ඔහු දෙමව්පියන්ගේ තෝරා ගැනීමක්‌ද? ඔබේ තෝරා ගැනීමක්‌ද?

අ…. මගේ තෝරා ගැනීම. දෙපැත්තේම දෙමව්පියන්ගේ ආශිර්වාදය හිමිවෙලා තියෙනවා.

දැනටත් ඔබේ ජංගම දුරකථනයට ආන්සර් කරන්නේ ඔබේ අම්මා. යන යන තැන පස්‌සෙන් යන්නේ අම්මා. අනාගතේ මේ රාජකාරි ඔහු භාර ගනීද?

නැහැ…. එහෙම වෙන එකක්‌ නැහැ. අවශ්‍ය හැම වෙලාවේම එයා මගේ ළඟ ඉඳි. නමුත් ඔහුගේ ව්‍යාපාර කටයුතු එක්‌ක ඔහුට මං එක්‌ක එහෙම දුවන්න වෙලා නැති වෙයි. ඒ නිසා වෙනදා වගේම මං අම්මිත් එක්‌ක ඒ වැඩවලට යාවි.

ඒ කියන්නේ දුවව දීග දුන්නත් අම්මට ගැලවීමක්‌ නැහැනේ?

ම්… ඔව්නේ. ඒක ඉතිං කොහොමත් එහෙමනේ වෙන්නේ නේද.

විවාහයෙන් පස්‌සේ පදිංචිය වෙනස්‌ වෙනවද?

පොඩි කාලෙකට පදිංචිය වෙනස්‌ වෙන්න ඉඩ තියෙනවා. ඒ වුණාට ඉතිං මේ ගෙදර මගේ නිසා, මට පුරුදු තැන නිසා, මෙහෙත් ඉඳි, එහෙත් ඉඳි මං.

ඔහුගේ පවුලේ විස්‌තර ටිකක්‌ කියන්නේ නැද්ද?

එයාට ඉන්නේ මල්ලි කෙනෙක්‌. ඔහු විවාහකයි. ඉතිං දෙමව්පියෝ වෙනම. එයා වෙනම. එයා විතරයි ඉන්නේ ඉතිං ඒ ගෙදර. ඉතිං එහෙත් මෙහෙත් ඉඳි අපි දෙන්නා.

අනුෂා දමයන්ති මේ වෙද්දී සිනමාවෙන් දුරස්‌ වෙලාද?

නැහැ. මේ දවස්‌වල ෂූටින්ග්. සීතල යුද්දේ ෆිල්ම් එකේ. මේක එක අතකින් අත්හදාබැලීමක්‌. මේ ෆිල්ම් එක සම්පූර්ණයෙන්ම ග්‍රීන් එකේ තමයි රූගත කරන්නේ. ඒකත් එක්‌තරා විශේෂත්වයක්‌. ඉතිං වියදමත් ටිකක්‌ අධිකයි. අමාරු වැඩක්‌. හැබැයි ලස්‌සන ෆිල්ම් එකක්‌. ඒ වගේම නිශාන්ත වීරසිංහ ගේ අයියයි නංගියි චිත්‍රපටය රූ ගත කිරීම් ඉවර කළා. ලස්‌සන ෆිල්ම් එකක්‌, විදෙස්‌ රටවල පවා රූගත කිරීම් කළ. තව රජානෝ, ඇලකන්දේ මාකස්‌ සහ තවත් චිත්‍රපට හතරක්‌ විතර එන්න තියෙනවා.

ටෙලි නිර්මාණවලට පහුගිය ටිකේ ආරාධනා ලැබුණා නේද?

ඔව්.. දන්කුඩ බණ්‌ඩා කියන නිර්මාණයට මං සම්බන්ධ උනා. ඒක හරිම ලස්‌සනයි. රත්නා කියලා අම්මා කෙනෙකුගේ චරිතයක්‌ මං නිරූපණය කරන්නේ. ඒ වගේම සියත රූපවාහිනියේ මේ වෙද්දි විකාශය වෙනවා ලව් යු බොස්‌’.

අනුෂා දමයන්ති රඟපාන පළමු වේදිකා නාට්‍ය කවදද වේදිකාගත වෙන්නේ?

දෙසැම්බර් පළවෙනිදා. ඉස්‌සර ඉඳන් මට වේදිකා නාට්‍ය සඳහා හුඟක්‌ ආරාධනා ලැබුණා. නමුත් මට යන්න වෙලාව තිබුණේ නෑ. හැබැයි මට අහම්බෙන් වගේ අශෝක සෙනරත් මුදලි මට ආරාධනාවක්‌ කළා වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙන්න කියලා.

ඒ ආරාධනාවට එකඟ වෙන්න මොකක්‌ද ඒ නාට්‍යයේ තිබුණ විශේෂත්වය?

ඩාන්සින් ස්‌ටාර් මිස්‌ නාගීනා මේ නාට්‍යයේ නම. මේක වේදිකාව තුළ සජීවී රියෑලිටි ප්‍රොaග්‍රෑම් එකක්‌ මේකේ නිරූපණය වෙනවා. ඩාන්සින් මියුසික්‌ තියෙන හරි ලස්‌සන නිර්මාණයක්‌ මේක. ඉතිං මේ නාට්‍ය වේදිකාව තුළ අලුත් දෙයක්‌ වෙයි කියලා මට හිතුණා. ඒකයි මේක මගේ වසර පහළොවකට අධික කළා ජීවිතේ පළමු වේදිකා නාට්‍ය බවට පත්වෙන්නේ.

ෆිල්ම් කීයද?

මං හිතන්නේ හැටකට වැඩිය ෆිල්ම්ස්‌ කළා ප්‍රධාන චරිත. සිනමා සම්මාන හිමිවූ චිත්‍රපට ඒ අතර තියෙනවා. හැබැයි ටෙලි නාට්‍ය නං මං කරලා තියෙන්නේ දහයක්‌ විතර මං හිතන්නේ. දහයට අඩු වුණොත් මිසක්‌ වැඩි නැතුව ඇති. වේදිකා නාට්‍ය නං මේ පළවෙනි එක.

නොවැම්බර් 19 මොකද්ද සිද්ධ වෙන්නේ?

සිවිල් ආරක්‌ෂක දෙපාර්තමේන්තුවත් එක්‌ක එකතුවෙලා ශාන් පෙරේරා කියන දක්‌ෂ නර්තන අධ්‍යක්‌ෂවරයා දැවැන්ත ප්‍රසංගයක්‌ කරනවා. ඒ සඳහා මමත් සම්බන්ධ වෙනවා. කලාකරුවන් සම්බන්ධ වන ඉතාමත් දැවැන්ත ප්‍රසංගයක්‌ මේක. හැව්ලොක්‌ ග්‍රවුන්ඩ් එකේදි මේක පැවැත්වෙනවා රිදම් ඔෆ් ස්‌ටාර්ස්‌ නමින්. අපේ රටේ සිටින වකුගඩු රෝගීන්ට ආධාර පිණිස තමයි මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ.

ඊළඟ අවුරුද්දේ සිදුවෙන්න තියෙන ඔබේ සුවිශේෂී කලා තොරතුරු මොනවද?

විදෙස්‌ සංචාර කිහිපයකටම සම්බන්ධ වෙන්න සූදානමින් ඉන්නවා. ඒ ඇරුණුකොට ෂූටින්ග්. ඒ වගේම මගේ ජීවිතේ සුවිශේෂීම කටයුත්ත ලබන අවුරුද්ද මැදදි සිද්ධ වෙනවා

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!