Gossip

”මම විශ්වාස කරන අන්දමට මේ ලෝකේ මට වැඩිපුරම ආදරය කරන පිරිමියා විදියට මට දැනෙන්නේ මගේ තාත්තා” ආදරය කරන්නේ මගේ තාත්තා වගේ කෙනෙක්ට”

ඇයටම සුවිශේෂී වූ දස්කම් තුළින් කැපීපෙනෙන දක්ෂ රංගන ශිල්පිනියක් වගේම සුන්දර යුවතියක්. සිත් ඇද බැඳ ගන්නා සිනහවකින් හැමෝටම සංග්‍රහා කරන ඈ අනුරාධා එදිරිසිංහ.

මේ දවස්වල ගෙදරට වෙලා මොකද කළේ?

මේ දවස්වල ගෙදරට වෙලා විවේකයෙන් හිටියා. ගොඩක් නිදා ගත්තා. කෑම බීම හැදුවා. විශේෂයෙන් කරපු දේ තමයි ගොඩක් චිත්‍රපට බැලුවා.

මොනවගේ චිත්‍රපට ද ගොඩක් බැලුවේ?

මම එහෙම චිත්‍රපට තෝරන්නේ නෑ. හැම එකක්ම බලනවා. නමුත් මේ දවස් ටිකේ බටහිර චිත්‍රපට වගේම මලයාලම්, තෙළිගු චිත්‍රපට බැලුවා. ඒ අතරින් මලයාලම් චිත්‍රපට විශේෂ වුණා.

මේ LOCK-DOWN එක නිසා ගෑනු ළමයිට ලොකු ප්‍රශ්නයක් වුණා සැලොන් විවෘත නොවීම, ඔබ රංගන ශිල්පිනියක් විදියට ඔබේ රූපලාවණ්‍ය ගැන සොයා බැලුවේ කොහොමද?

මම කොහොමත් එහෙම වැඩිපුර සැලොන් එකට යන කෙනෙක් නෙමෙයි. නිතර නිතර hair cuts, hair color කරන්නෙත් නෑ. අනෙක් කාරණය තමයි මම මෑතකදී සම්බන්ද වුණ ගිරිදේවී සහ රාවණ යන නිර්මාණයන්ට ස්භාවිකවම ඇහිබැම තියෙන්න ඕන. ඒ නිසා සැලෝන් යන්න අවශ්‍යතාවයක් ඇති වුණේ නෑ. සාමාන්‍යයෙන් මම hair treatment එකකට විතරයි සැලොන් එකට යන්නේ. එදිනෙදා කරගන්න පුළුවන් ඒවා ගෙදරදී තනිවම කරගන්නවා.

ඔබේ පවුලේ විස්තර ටිකක් සඳහන් කළොත්?

මගේ පවුලේ අම්මයි මමයි අයියයි, අයියා විවාහකයි, අයිය විවාහ වෙලා නිසා අයියගෙ නෝනයි බබයි ඉන්නේ අපිත් එක්. මගේ තාත්තා ජීවතුන් අතර නෑ. ඔහු නැති පාලුව හැම මොහොතකම දැනෙනවා.

පවුලෙන් ලැබෙන සහයෝගය කොයි වගේද?

මේ වැඩ කටයුතු නිදහසේ කරගෙන යන්න ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ තාත්තා ඉන්න දවස්වල නම් කලාකටයුතුවලට සම්බන්ධ වෙනවට කැමැත්තක් තිබුණෙ නෑ. ඔහු නිතරම විශ්වාස කළා ගැහැනු ළමයෙක්ට කලාව අනාරක්ෂිත තැනක් කියලා. ඒ වගේම ඉගෙනීමේ පැත්තෙන් මම ඉස්සර යනව දකින්නයි ඔහු කැමැත්තෙන් ඉන්නේ. ඒ වගේම මම නීතිරාමුවකට කොටුවෙලා හැදුණු ගැහැනු ළමයෙක්. විශේෂයෙන්ම මගේ තාත්තා එහෙම කරන්න ඇත්තේ ඔහු පොලිස් නිලධාරියෙක් නිසා වෙන්න ඇති. නමුත් කාලයත් එක්ක ගැහැනු ළමයෙක් නීතිරාමුවක දාගෙන හදන්න බෑ කියලා ඔහු තේරුම් ගත්තා. එතැනින් පස්සේ ඔහු මට නිදහස දුන්නා. පසුකලෙක මගේ රංගනය ගැන වැඩි වශයෙන් සතුටු වුණ පුද්ගලයා තමයි මගේ තාත්තා.

ඔබේ සිහින කුමාරයා ගැන කියන්න කැමතිද?

මම විශ්වාස කරන අන්දමට මේ ලෝකේ මට වැඩිපුරම ආදරය කරන පිරිමියා විදියට මට දැනෙන්නේ මගේ තාත්තා. තාත්තා නැති වුණාට පසුවයි මට ඒ පාළුව ගොඩක් දැනුණේ. ඒ හැඟීම වචනවලට පෙරළන්න අමාරුයි. මේ කාලේදී මට තාත්තාව තවත් ගොඩක් දැනෙනවා. එයා මගේ ළඟ ඉන්නම ඕනේ කාලේ එයා මට අහිමි වෙනවා. මට මගේ තාත්තාගේ ආදරය කවමදාවත් අමතක කරන්න බැරිවෙයි. මට එයාව හුඟක් වටිනවා කියන එක මට හැම මොහොතකම දැනෙනවා. තාත්තා මාව ආරක්ෂා කරපු විදිය, මාව විශ්වාස කරපු විදිය, තාත්තා මට දුන්න වටිනාකම, ඒ හැමදේම මගේ ජිවිතයට එන පිරිමියාගෙනුත් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මගේ තාත්තාගේ ගතිගුණ තියෙන මගේ තාත්තා වගේ කෙනෙක් හැම මොහොතකම මගේ සිත සොයනවා.

ඔබ මෙතෙක් දායක වුණු නිර්මාණයන්ගෙන් ඔබට සුවිශේෂීම වුණු චරිතය කුමක්ද?

මගේ ටෙලිනාට්‍ය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය “රාවණ”. එහි “පුෂ්පෝත්කතා” කියන චරිතයට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. රාවණ නිර්මාණයේ අධ්‍යක්ෂ තුෂාර තෙන්නකෝන් අයියව ගොඩක් ආදරයෙන් මතක් කරනවා. ඔහු තමයි මේ නිර්මාණයට මා සුදුසුයි කියා තීරණය කළේ. ඒ තීරණය නිවරදි බව අද මම ඔප්පු කරලා තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!