Gossip

තවත් පාතාල නායකයෙකුගේ මළ සිරුරක් කොළඹ මල් ශාලාවක

මත්කුඩු ජාවාරමේ ප්‍රධානියකු හා පාතාල ක්‍රියාකාරිකයෙකු ලෙස සැලැකෙන බාලේන්ද්‍රන් හෙවත් තෙල්බාලා ඉන්දියාවේදී චෙන්නයි නුවරදී මියගොස් තිබෙනවා.

අනතුරුව ඔහුගේ මෘත දේහය අද උදෑසන ලංකාවට ගෙනවිත් තිබෙනවා.

ඔහුගේ දේහය මේවන විට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබෙනවා..

බාලාගේ දේහය ජයරත්න මල් ශාලාවෙන් වැල්ලම්පිටියේ වදුල්ලවත්ත ගෙනයාමට නියමිත බවයි වාර්තාවන්නේ.

විශාල හෙරොයින් තොගයක් හමුවීමෙන් පසුව තෙල් බාලා පිටුපස පොලිසිය පැන්නීමට පටන්ගැනීමෙන් පසුව තෙල් බාලා ඉන්දියාවට පැනගොස් සැඟව සිටියා.

සමාජයට අහිතකර ක්‍රියාවන් මගින් කෝටිපතියෙක් බවට පත් බාලේන්ද්‍රන්ගේ මුල් කාලෙ ජීවනෝපායක් වී ඇත්තේ තෙල් කරත්තයකින් තෙල් විකිණීම බව පැවසෙනවා.

තෙල්බාලා යන නම ඔහුට පට බැඳී ඇත්තේ එම නිසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!