තරු හුට පට

එයා මාව විවාහ කරගන්නවා කිව්වා – ලිංගිකවත් හැසිරුණා අක්ෂා අධිකරණයට දන්වයි

අක්ෂා සුදාරි කියන්නේ ලංකාවේ ජනප්‍රිය චරිතයක්. පසුගිය දවස්වල ඇය යොවුන් ටෙලි  නාට්‍යය නළුවෙකුත් සමඟ පෙම් සබඳතාවයක් තිබුණා කියලා නොදන්න කෙනෙක් නැහැනේ.

හැබැයි මේ ඒ සම්බන්ධතා ගැන කියන්න යන කතාවක් නම් නොවෙයි.

ඇයගෙන් පසුගිය දවස්වල ‍ පොලීසිය ප්‍රකාශ සටහන් කරගත්තා. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි ඉන්දියන් ජාතික තරුණයෙකුගෙන් රුපියල් කෝටි 14ක් පමණ මුදල් අරගත්තා යැයි කියන කතාවක් සම්බන්ධව.

ඒ ඉන්දියානු ජාතික කෝටිපති ව්‍යාපාරිකයා තමයි මෙහෙම පොලීසියට පැමිණිල්ලක් කරලා තියෙන්නේ. කොහොම වුණත් ඒ පැමිණිල්ලට අනුව නඩුවකුත් ගොනු කරලා තියෙනවා.

ඒ අනුව ඒ නඩුව ඊයේ කැඳව තියෙනවා. ඒ වෙලාවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් සැකකාරියව රුපියල් ලක්‍ෂ 300ක ශරීර ඇප සහ රුපියල් 25,000ක මුදල් ඇපයක් මත මුදාහරින ලෙස නියෝග කරලා තියෙනවා.

ඒ විතරක් නෙවෙයි අයගේ විදේශ ගමන්ද තහනම් කරලා  සෑම  ඉරිදා දිනකම උදේ 10.00 ත් 1200ත් අතර රහස් පොලීසිය හමුවේ පෙනී  ඉන්න කියලත් නියෝග කරලා.

කොහොම වුණත් අක්ෂා අධිකරණය හමුවේ කියලා තියෙන්නේ මෙන්න මේ වගේ කතාවක් ගෝපිරාජ් නමැති ඉන්දියානු තරුණයා  විවාහක පුද්ගලයකු බවත්, තමා විවාහ කර ගන්නා බවට පොරොන්දු වී සිටි හෙයින් ඔහු සමඟ සමීප ඇසුරක් පැවැත්වූ බවත් 2014 නොවැම්බර් මාසයේදී ගෝපිරාජ් යන අයගේ ආරාධනය අනුව නිවාඩුවක් ගත කිරීම සඳහා තමා ඩුබායි රටට ගිය බව සඳහන් වෙනවා.

එම ගමනට තම ඥාති සහෝදරිය වන රෙහානා යනියා යන අයද සහභාගි වූ බවත්, දන්වා සිටින ආක්ෂා සුධාරි මෙනෙවිය එහිදී දෙදෙනාටම ව්‍යාපාරික පන්තියේ ගුවන් ප්‍රවේශපත්‍ර ලබාදීමද, නිවාඩුවට අවශ්‍ය සියලු වියදම් හා ඩුබායි නගරයේ සුඛෝපභෝගී හෝටලයක් වෙන්කර ඊට අදාළ සියලු පහසුකම් දැරීමද ගෝපිරාජ් විසින් සිදුකළ බවත් අධිකරණය වෙත ඇය අධිකරණයට දන්වලා තියෙනවා.

ඒ වගේම තමා එසේ ඩුබායි නගරයේ නිවාඩුව ගත කරන කාලය අතරතුරදී පෙම්වතා වන ගෝපිරාජ් සමඟ ලිංගික වශයෙන්ද සබඳතා පැවැත්වූ බවත්, එසේ ඩුබායි නිවාඩුව ගතකර ලංකාවට පැමිණෙන අවස්ථාවේදී තම පෙම්වතා විසින් තෑගිභෝග රැසක් ලබාදුන් බවත්, තමා විවාහ කර ගැනීමේ අරමුණින් යුතුව තම පෙම්වතා තමන්ට අවශ්‍ය කරන සියලු සැප සම්පත් නොඅඩුව ලබාදුන් බවද  අක්ෂා සුදාරි  අධිකරණය වෙත දන්වා තිබෙනවා.

 

a7 a1 a2 a3 a4 a5 a6

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!