තරු හුට පට

අක්ෂාට ගිණුම් 29ක් – එක් බැංකු ගිණුමක 13,034,000ක් – සියලු ගිණුම් අත්හිටුවයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එම් බී පෙට්‍රෝලියම් ආයතනයේ ප්‍රධාන ගණකාධිකාරී ගෝපිරාජ් කවලංගිල් වඩකිප් (54) නම් ඉන්දියා ජාතිකයා සමඟ පෙම් සබඳතාවක් පවත්වාගෙන යමින් ඔහුගෙන් රුපියල් 14 කෝටියකට අධික මුදලක් වංචා කළැයි බොරලැස්ගමුවේ පදිංචි ටෙලිනාට්‍ය නිළි ආක්ෂා සුදාරිගේ  බැංකු ගිණුම් ගනුදෙනු අත්හිටුවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා  නියෝග කර තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එම් බී පෙට්‍රෝලියම් ආයතනයේ ප්‍රධාන ගණකාධිකාරීවරයා වූ 54 හැවිරිදි ගෝපිරාජ්ගෙන් ලබාගත් මුදල් අදාළ නිළිය විසින් බැංකු හා මූල්‍ය ආයතන 29ක තැන්පත් කොට ඇති බවත්,  ඒ අනුව ඇගේ බැංකු හා මූල්‍ය ආයතන 29ක ගිණුම් අත්හිටුවීමට රහස් පොලීසිය අධිකරණයේ අවසරය ඉල්ලා ඇති බවත්, ඒ අනුව එම ගිනුම් අත්හිටුවා ඇති බව සඳහන්ය.

ගෝපිරාජ් ඇය විවාහ කර ගැනීමේ අපේක්ෂාවෙන් වටිනා භාණ්ඩ රැසක් තමාට දුන් බව ඇය කියා ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

හැටන් නැෂනල් බැංකුවේ වැල්ලවත්ත ශාඛාවේ ඇමෙරිකා ඩොලර් 98000ක් (රුපියල් 13,034,000) ද, එම බැංකුවේ ම කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ගිණුමෙහි රුපියල් 2400000ක් ඔහු විසින් බැංකු ගත කර ඇතැයි ද උසාවියේ දී සඳහන් විය.

මෙම මුදල් වැය කළ ආකාරයය ප්‍රකාශ කිරීමට සුදාරි අපොහොසත් වී ඇති බවත්, එහෙයින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන කරන බවත් රහස් පොලිසි අධිකරණයට දැන්වීය.

ගමගේ ආශා කුමාරි නොහොත් ආක්ෂා සුදාරි රුපියල් 25000ක මුදල් හා රුපියල් තුන් කොටියක ශරීර ඇප මත මේ වන විට මුදාහැර තිබේ.

ගෝපිරාජ් තමිල්නාඩුවේ චෙන්නායිහි කාම්රාජ් නගර්හි පදිංචිකරුවෙකි.තම මුදල් වංචා කළැයි ඔහු රහස් පොලිසියට පැමිණිලි කළේ පසුගිය ජූලි 21 වැනි දිනය.

aksha-cover a1 a2 a3 a4 a5 a6 a7 a8 a9

 

1 Comment

1 Comment

  1. supriya

    August 1, 2015 at 11:51 am

    Awalan belliyoth ekka lagina awalan ballanta honda wede.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!